ඇමරිකාවේ නිෂ්ඵල කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ලොව සියලුම රටවල් එකට එක්වීම යුගයේ අවශ්‍යතාවක්
2022-08-04 09:44:14
Share with:

තම ආර්ථික හා දේශපාලන ආධිපත්‍යයට,චීනය මෙන්ම රුසියාව වැනි රටවල් තර්ජනයක් ලෙස සලකමින් එම රටවල් අස්ථාවර කිරීමට ඇමරිකාව අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අවධාරණය කරයි. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම ද එවැනි උත්සාහයක ප්‍රතිඵලයක් බව හෙතෙම කියා සිටී.

ඇමරිකාවේ මෙවැනි හැසිරීම් බියකරු ප්‍රතිඵල ගෙන දෙනු ඇති බව ද චීන මාධ්‍ය සමූහය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේය. යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුධමය තත්ත්වය නිර්මාණය කිරීම ද ඇමරිකාවේ අශීලාචාර මැදිහත්වීම මත සිදු වූවකි. චීන තායිවාන ප්‍රදේශය තුළ ද මෙවැනි ගැටුමක් නිර්මාණය කිරීම ඇමරිකාවේ අභිප්‍රායක් විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය. ඇමරිකාවේ නායකත්වයෙන් යුතුව පසුගිය දා පැවති නේටෝ සංවිධාන සාකච්ඡාවේ දී චීනය අස්ථාවර කිරීම සම්බන්ධ කතිකාවක් පැවති බව ද විදෙස් ආරංචි මාර්ග වාර්තා කළේය. එහි ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස චීන තායිවාන ප්‍රදේශයට මැදිහත්වීමේ මෙම සිදුවීම පෙන්වා දිය හැකිය. චීනයේ ශක්තිමත් සහ ස්ථාවර ආර්ථිකය අඩපණ කිරීම සඳහා වන ඇමරිකාවේ නිෂ්ඵල කුමන්ත්‍රණයක් ලෙස මෙය පෙන්වා දිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

ආසියානු කලාපයට සහ ලොව සෙසු රටවලට ද ඇමරිකාව බලපෑම් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ මෑතකාලීන අභ්‍යන්තර අර්බුදයට ද ඇමරිකාවේ මෙහෙයවීමක් තිබූ බවට තමන් විශ්වාස කරන්නේ යැයි ද ඔහු අවධාරණය කරයි. සියලුම රටවල් සාමය හා ස්ථාවරත්වය පවත්වා ගනිමින් උචිත ආර්ථික ක්‍රමවේද තුළ කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. එලෙස කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන ඇමරිකානු ආධිපත්‍යය ක්‍රියාදාමයට සියලුම රටවල් එකට එක්ව එරෙහි විය යුතු බව ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම