ඇමරිකාව චීනයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම පිළිබඳව චීන විදේශ ඇමතිවරයාගේ දැඩි විරෝධය
2022-08-03 11:40:09
Share with:

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම එකම චීන මූලධර්මය හා චීනයේ ස්වෛරීත්වය දැඩිව උල්ලංඝනය කිරීමක් වන අතර එය ජාත්‍යන්තර ප්‍රජාවගේ පොදු  විරෝධයට ලක්ව ඇති බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි. ඇමරිකාව චීනයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම පිළිබඳව වං යී මහතා අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.

චීනයේ එක්සත්කරණයට බාධා කිරීමට ඇමරිකාව කිසිදු විටෙක නොසිතිය යුතුය. තායිවාන ප්‍රදේශය චීනයේ කොටසකි. ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට කවර ආකාරයකින් සහාය වුවද හිමිවන්නේ හරසුන් අවසානයක් පමණි.

චීනයේ සංවර්ධනයට හා පුනර්ජීවනයට හානි කළ හැකි බව සිතීම  ඇමරිකාවේ හුදු සිහිනයක්ම පමණි. තමන්ට සුදුසු නිවැරදි සංවර්ධන මාවතක් චීනය සොයා ගෙන ඇත. සෙසු රටවල් සමඟ සාමයෙන් පොදු සංවර්ධනය ඉටු කිරීමට චීනය කැමැත්තෙන් පසුවන අතර කවර හෝ අයෙකුට රටේ ස්ථාවරත්වයට හා සංවර්ධනයට හානි කිරීමේ කුමන්ත්‍රණවලට චීනය ඉඩ නොදෙනු ඇත.

ඇමරිකාව භූ දේශපාලන ක්‍රීඩාවේ නිරත නොවිය යුතුය. ඇමරිකාව තායිවාන ප්‍රශ්නය කලාපීය උපායමාර්ගයට එක් කර ගැටුම් අවුලුවාලීමේ ක්‍රියාවලිය ආසියා පැසිෆික් ජනතාවගේ පොදු අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධ වන අතර එය ඉතාමත් භයානක හා අනුවණ ක්‍රියාවකි .

සුදු කළු බවට හැරවීමට දරන උත්සාහ ඇමරිකාව අත්හැරිය යුතුය. අදාළ තත්ත්වය උග්‍ර කරන්නේ චීනය බව ඇමරිකාව පවසයි. නමුත්, ප්‍රථමයෙන්ම ‍චීනයේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇත්තේ ඇමරිකාවය. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායක තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම මීට පෙර ද සිදුව ඇති බව ඇමරිකාව පවසයි. නමුත්, අතීත වැරදි ක්‍රියා සමාවට කරුණක් නොවේ. ත්‍රිත්ව විධ බලතල බෙදීම හේතුවෙන් කොංග්‍රස් මණ්ඩලයේ බලය සීමා කළ නොහැකි බව ඇමරිකාව පවසයි. නමුත්, ඇමරිකාව, විශේෂයෙන්ම වැදගත් දේශපාලඥයින්, සිය ජාත්‍යන්තර වගකීම් ඉටු කළ යුතුමය. චීනය එක්සත්කරණය උදෙසා ක්‍රියා කිරීම, තායිවාන ප්‍රදේශයට තර්ජනයක් බව ඇමරිකාව පවසයි. නමුත්, තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි ‍කොටසකි. චීනය සිය භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ස්වභාවිකය.

එකම චීනය මූලධර්මය හා ඒකාබද්ධ නිල නිවේදන තුන උල්ලංඝනය කරන ඇමරිකාවේ ක්‍රියා ආසර්ථක වනු ඇත. ර‍ටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට, චීන ජනතාවට විශාල ධෛර්යය, නොසැලෙන අධිෂ්ඨානය හා   දැඩි ශක්තිය ඇති බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම