තම ප්‍රතිලාභ වෙනුවෙන් අන් අය බිල්ලට දෙන ඇමරිකාව
2022-08-03 11:13:09
Share with:

චීනයේ දැඩි විරෝධය නොතකා ඇමරිකානු කොංග්‍රසයේ කථානායිකා Nancy Pelosi ඊයේ (2) චීන තායිවාන ප්‍රදේශයට පැමිණියාය. “තායිවාන ස්වාධීනත්ව”බලවේගයට අනුබල දෙන ඇතැම් ඇමරිකා දේශපාලඥයන්, තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සාමය, ලෝක සාමය හා ස්ථාවරත්වයේ විශාලතම විනාශකාරීන් බව එම සිද්ධියෙන් යළි පිළිබිඹු වේ.

තායිවාන කටයුතු චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා සම්බන්ධය.  ඇමරිකානු රජයේ තුන්වන ප්‍රධාන පුද්ගලයා ලෙසට Nancy Pelosiට ඒ පිළිබඳ අවබෝධයක් නැතැයි සිතිය නොහැක. ඇය චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම සිය පෞද්ගලික දේශපාලනික වාසි වෙනුනේ ගත්  සිහිවිකල්  පියවරකි. එම අවදානම් ක්‍රියා මගින් චීන -ඇමරිකා සබඳතාවට, කලාපීය ආරක්ෂාවට හා ඇමරිකාවට එල්ල වන විශාල බලපෑම් ඇය සම්පූර්ණයෙන් නොසලකා හැරියාය. තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තත්ත්වය නොසන්සුන් මට්ටමට නංවාලීමේ මූලික හේතු වන්නේ තායිවානය ඇමරිකාව මත යැපෙමින් තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කිරීමට අඛණ්ඩව උත්සාහ දරන අතරම ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් තායිවානය ප්‍රයෝජනයට ගනිමින් චීනයට සම්බාධක පැනවීමය.

ඇමරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණය පැවැත්වීමට ආසන්නවීමත් සමඟ චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන්ට අභියෝග කර මැතිවරණයේ අවාසි තත්ත්වයක පසුවන ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීම Nancy Pelosi ගේ සැලසුම වී ඇත. එමෙන්ම එම සංචාරය මගින් සිය දේශපාලන රැකියාවට ඊනියා වැදගත් ජයග්‍රහණයක් ලබා දෙනු ඇතැයි ඇය අපේක්ෂා පළ කර ඇත. 

මෙවැනි පෞදගලික දේශපාලන වාසි මත සිදු කෙරෙන ක්‍රියා හේතුවෙන් අසීරුතාවන්ට පත්ව ඇත්තේ තායිවාන ප්‍රදේශයේ ජනතාවය. Nancy Pelosiගේ දේශපාලනික අරමුණෙන් යුතු අවදානම් සහිත ක්‍රියා හේතුවෙන් තායිවාන සමුද්‍ර සන්ධි දේපසේ තත්ත්වය උග්‍ර වී ආසියා ශාන්තිකර කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට බලපෑම් එල්ල කර සිය ප්‍රතිලාභයන් සඳහා අන් අය බිලිදීමේ ඇමරිකාවේ සැබෑ අරමුණ පැහැදිලිය. එවැනි ප්‍රතිඥා කඩ කිරීමේ ක්‍රියා, ඇමරිකාව සතු ජාත්‍යන්තර විශ්වසනීයත්වය තවදුරටත් දුර්වල කර ඇමරිකානු ආධිපත්‍යය පරාජය කිරීම කඩිනම් කෙරෙනු ඇත.

ඇමරිකානු කොංග්‍රසයේ කථානායිකා Nancy Pelosiගේ සංචාරයෙන් තායිවානය චීනයේ කොටසක්ය යන ඓතිහාසික හා නිත්‍ය සත්‍ය වෙනස් කළ කොහැකිය. ඉන් චීනයේ එක්සත්කරණ ප්‍රවණතාවට ද බාධා කළ නොහැකිය. තායිවාන ප්‍රශ්නයේදී ගින්දර සමඟ සෙල්ලම් කිරීමට කැමති ඕනෑම බලවේගයක් හෝ ඕනෑම අයෙකු එම ගින්නෙන් ම විනාශ වනු ඇත.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම