බලහත්කාරයෙන් ස්වාධීන වීමට දරන නිෂ්ඵල ප්‍රයත්න විනාශය ළඟා කරනු ඇතැයි තායිවාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
2022-08-03 17:43:14
Share with:

"බලහත්කාරයෙන් ස්වාධීන වීම" යන මිත්‍යාව නිසා සිදුවන්නේ  විනාශය වේගවත් වීම පමණක් බවට, චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු භාර කාර්යාලය, තායිවාන පාලක Tsai Ing-wen සහ එහි පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරයි.

Tsai Ing-wen ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi හමුවූ අවස්ථාවේ, මහා ගොඩබිමේ ඊනියා "යුදමය තර්ජනයක්" පිළිබඳව අතිශයෝක්තියට නැංවූ අතර, ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂක රේඛාවට ඇලී සිටින" බව පැවසුවාය.

ඒ පිළිබඳව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු භාර කාර්යාලයේ ප්‍රකාශක Ma Xiaoguang මහතා පැවසුවේ, Tsai Ing-wen ගේ ප්‍රකාශය චීන ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ සාධාරණ ක්‍රියාව "යුදමය තර්ජනයක්" ලෙස හුවා දක්වමින්, එය දැඩි ලෙස විකෘති කර ඇති බවයි. එසේම එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ද ඔහු කියාසිටියේය.

"තායිවානයේ ස්වාධීනත්වය" මාරාන්තික අවසානයක් වන අතර, "ස්වාධීනත්වය සෙවීම සඳහා ඇමරිකාව මත යැපීමේ" නිෂ්ඵල ක්‍රියාව නිසැකවම අසාර්ථක වනු ඇති බව ද Ma Xiaoguang මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම