බෝම්බ ඉවත් කිරීමේ නිරත වූ ළෙන්ගතු රණවිරුවෙක්
2022-08-03 17:25:31
Share with:

Du Fuguo 1991 වසරේ නොවැම්බර් මාසයේ, නිරිතදිග චීනයේ  Guizhou පළාතේ Taiping ගම්මානයේ දී උපත ලැබුවා. මේ ගම්මානය ආශ්‍රිත ව යුද සමයේ රතු හමුදාව ගමන් කළ මාර්ග පිහිටා තිබෙනවා. කුඩා කාලයේ සිට චීනයේ වික්‍රමාන්විත විප්ලව පිළිබඳ කතන්දරවලට සවන් දුන් Du Fuguo ගේ සිත තුළ, මාතෘ භූමිය ආරක්ෂා කළ යුතු බවට උතුම් අභිමානයක් ඇති වූයේ දැඩි අධිෂ්ඨානයක් සමගයි. මේ නිසාම 2010 වසරේ දෙසැම්බර් මාසයේ ඔහු සිය හමුදා ජීවිතය ආරම්භ කළා.

2015 වසරේ ජූනි මාසයේ, බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමට  Du Fuguo එක් වන්නේ සිය අභිමතය පරිදි යි. ඉන් අනතුරුව ‘ලෝකයේ බෝම්බ ඉවත් කිරීමට  අසීරු ම භූමිය ’ලෙස සැලකෙන, Yunnan පළාතේ පිහිටි චීන දේශ සීමා මායිම් ප්‍රදේශයේ  බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට ඔහු සහභාගි වුණා.

Du Fuguo බෝම්බ ඉවත් කිරීමේ විවිධ අංශ දැඩි උත්සාහයෙන් අධ්‍යයනය කළා. නොබෝ කලකින්, ඔහු එම විෂයය සම්බන්ධයෙන් ප්‍රශස්ත නිපුණතාවක් හිමි කර ගත්තා.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ 11වැනි දා, Du Fuguo බෝම්බ ඉවත් කිරීමේ ප්‍රබල මෙහෙයුමකට එක්වුණේ තවත් හමුදා සොයුරෙකු සමග යි. එහිදී ඔහු තම සගයා සුරක්ෂිතව පසුපසින් රඳවා ගැනීමට පියවර ගත්තා. කෙසේවෙතත්, බෝම්බ ඉවත් කිරීමේ දී ඔහු අනපේක්ෂිත ව බෝම්බ පිපිරීමකට මුහුණ පෑවා.  පිටුපස සිටි ඔහුගේ මිතුරා ආරක්ෂා වුණත්, Du Fuguo ශරීරය රුධිරයෙන් නැහැවී ගොස් තිබුණා. දවස් 3ක් තිස්සේ සිදුකෙරුණු ශල්‍යකර්ම 5 කින් පසු, Du Fuguo ගේ දිවි බේරා ගැනුණා.  නමුත්,මේ ආදරණීය හදවතක් ඇති විරුවාට තම දෙනෙත් හා දෑත් අහිමි වී තිබුණා. එහෙත් මේ තත්ත්වයේදිත් ඔහුගේ චිත්ත ධෛර්යය සිඳුණේ නැහැ.  ආබාධිත භාවයෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි වුණා. සිය  ජීවිතයේ දිශාව යළි සොයා ගැනීමට Du Fuguo ට හැකි වුණා. ‘ යුද භටයෙකු විදියට යුද පිටියේ දී ඕනෑ ම අවස්ථාවක දිවි පිදීමට සිදු විය හැකියි. මේ තේරීම ගැන මා කිසිදාක කණගාටු වෙන්නේ නැහැ ’Du Fuguo මෙලෙස පවසන්නේ නොබිඳුණු ධෛර්යයකින්.

පසුගිය දා, Du Fuguo, චීන හමුදාවේ අභිමානනීයයන් උදෙසා පිරිනැමෙන උත්තරීතර ‍සම්මානය වන ‘ අගෝස්තු පළමුදා ’ පදක්කම ලබාගත්තේ තම මාතෘ භූමියට විප්ලවීය ආචාරය සිතින් පුදකරමින්. මේ අප්‍රමාණ වීරත්වයට අපේ හදවතේ ගෞරවය හා ප්‍රණාමය පිදිය යුතුමයි.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම