"තායිවාන ස්වාධීනත්ව" බලවේගයට එරෙහිව දැඩි දඬුවම්
2022-08-03 09:25:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාල ප්‍රකාශකයා "තායිවාන ස්වාධීනත්ව" බලවේගයට එරෙහිව නීත්‍යනුකූලව දඬුවම් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරයි.

"තායිවාන ස්වාධීනත්ව" මානසිකත්වයෙන් පසුවන සුළු පිරිසක් තායිවානය චීන මහ ගොඩබිමෙන් වෙන් කිරීමේ සැබෑ නොවන සිහිනයක් දකිමින් සිටිති. චීනයට එරෙහි බාහිර බලවේග වෙනුවෙන් පෙනී සිටින ඔවුහූ “චීන දෙකක්”, “එක් චීනයක්, එක් තායිවානයක්” හා “තායිවාන ස්වාධීනත්වය” සඳහා නොනැවතී කුමන්ත්‍රණය කරති.

එහි බෙදුම්වාදී ක්‍රියාකාරකම්, චීන රාජ්‍ය ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව මෙන්ම රාජ්‍ය නීතිමය ගෞරවය නොසලකමින්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය බරපතල ලෙස අනතුරේ දමා, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාවගේ පොදු පලප්‍රයෝජනයටත් චීන ජාතියේ මූලික පලප්‍රයෝජනයටත් දැඩි හානි සිදු කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව දැඩි දඬුවම් දිය යුතුය.

තායිවානය චීන මහජන සමූහාණ්ඩුවට අයත් පරම කොටසක් බව චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වේ. ජාතික ස්වෛරීභාවය, එකමුතුකම සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම තායිවාන ස්වදේශිකයින් ඇතුළු සියලුම චීන ජනතාවගේ පොදු වගකීමකි. නීත්‍යනුකූල වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට හෝ එරෙහිව නීතිමය පියවර ගැනේ. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා වන තමන් සතු දැඩි අධිෂ්ඨානය, නොවෙනස් අභිලාෂය සහ බලවත් හැකියාව කිසිවෙකු හෝ කිසිදු බලවේගයක් හෝ අවතක්සේරු නොකළ යුතු බව චීනය අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම