“තායිවාන ස්වාධීනත්ව” බලවේගයන් හා සම්බන්ධ ආයතනවලට එරෙහි දඬුවම් ප්‍රකාශයට පත් කෙරේ
2022-08-03 10:56:20
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය “තායිවාන ස්වාධීනත්ව” බලවේගයන් හා සම්බන්ධ ආයතනවලට එරෙහිව දඬුවම් ප්‍රකාශයට පත් කරයි

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශක Ma Xiaoguang මහතා අද (3) මේ බව ප්‍රකාශ කළේය. "තායිවාන ප්‍රජාතාන්ත්‍රික අරමුදල" හා "ජාත්‍යන්තර සහයෝගිතා සංවර්ධන අරමුදල" යන ආයතන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා සහයෝගතා සංවර්ධනය නමින් තායිවානය චීනයෙන් වෙන් කිරීමේ බෙදුම්වාදී ක්‍රියාවන් සිදු කර ඇත.

අදාළ ආයතනයන්ට එරෙහිව දඬුවම් පියවර ගැනීමට චීන මහ ගොඩබිම තීරණය කර ඇත. අදාළ ආයතන චීන මහ ගොඩබිමේ සංවිධාන, ව්‍යවසායන් හා පුද්ගලයන් සමඟ සහයෝගිතා පැවැත්වීම තහනම්‍ කෙරෙන අතර එම ආයතන වලට මූල්‍යාධාර හෝ සේවා සපයන සංවිධාන, ව්‍යවසායන් හා පුද්ගලයින්ට නීත්‍යනුකූල දඬුවම් හා වෙනත් අත්‍යවශ්‍ය පියවර යොදා ගනු ඇති බව එහිදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම අදාළ ආයතන වලට පරිත්‍යාග සිදුකර ඇති ව්‍යවසායන් සමඟ කිසිදු ගනුදෙනුවක් හෝ සහයෝගිතාවන්  පැවැත්වීම ද තහනම් කර ඇත. අදාළ ව්‍යවසායන්හී පුද්ගලයන්ට චීන මහ ගොඩබීමට ඇතුළු වීම ද තහනම් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම