ආසියාන් සහයෝගිතාව සඳහා වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලින් කලාපීය සාමයට නව ශක්තියක් සැපයෙනු ඇතැයි චීනයෙන් අපේක්ෂා
2022-08-02 18:36:28
Share with:

ආසියාන් සහයෝගිතාව සඳහා වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලින් කලාපීය සාමය හා ස්ථායිතාව උදෙසා නව ශක්තියක් ලබා දිය හැකි බවට චීනය අපේක්ෂා කරයි.

රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එම රැස්වීම් මාලාවට සහභාගි වීම පිළිබඳව අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී  මේ බව ප්‍රකාශ ක‍ළා ය.

දැනටමත් නැගෙනහිර ආසියාවේ ස්ථායිතාවක් පවතින බව ඇය පවසයි. කලාපීය රටවල් සමග, චීනය ප්‍රශස්ත සංවර්ධන සබඳතාවක රැඳී සිටී. හෙට (3) ආරම්භ වන එම රැස්වීම් තුළින්, සහයෝගිතාව තහවුරු කොට ප්‍රකෘතිමත්වීමට ප්‍රමුඛතාව ලබා දී කලාපීය සාමය හා ස්ථාවරත්වය උදෙසා නව ශක්තියක් සැපයීමට හැකිවනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම