COVID-19 ධනාත්මක වුවත් ඇමරිකානු ජනපති සුවෙන් පසුවන බව ඔහුගේ වෛද්‍යවරයා කියයි
2022-08-01 10:03:11
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ (31) වනවිටත් COVID-19 වෛරසය පිළිබඳ ධනාත්මකව සිටි නමුත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ වෛද්‍යවරයා පවසයි.

හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම අවසන් කිරීමෙන් දින කිහිපයකට පසු, ජනාධිපතිවරයා ඉකුත් 30 වැනිදා ලක්කෙරුණු  පරීක්ෂණයක දී COVID-19 සඳහා ධනාත්මක බව හෙළිවිය.

ජූලි 21 වන දින කොරොනා වෛරසය ආසාදිත බව අනාවරණය වූ  79 හැවිරිදි බයිඩන් මහතා දින කිහිපයකට පසු සෘණාත්මක ප්‍රතිඵල ද ලබා තිබිණ.

සම්පූර්ණයෙන්ම එන්නත් කරණයට ලක්ව සිටින හෙතෙම, දෙවරක් බූස්ටර් එන්නත් ද ලබාගත් අතර,  Pfizer සමාගමේ නිපැයුමක් වන COVID-19  ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් වන Paxlovid ද ලබාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම