උද්ධමනය ක්‍රමයෙන් පහළ යනු ඇති බවට අපේක්ෂා
2022-07-31 17:02:11
Share with:

උද්ධමනය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජූලි මාසයේ උද්ධමනය සියයට 60 යි දශම 08 ක් දක්වා ඉහළ ගියද, එම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇති බවට අපේක්ෂා කෙ‍රේ.

එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී කේ ජී හරිස්චන්ද්‍ර මහතා පවසා ඇත්තේ මහ බැංකුව ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් හේතුවෙන් ලබන වසර වනවිට මෙරට උද්ධමනය පහල යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර ඉකුත් මාසයට සාපේක්ෂව එළවළු මිල ගණන් සියයට 50කින් පමණ අඩු වී තිබේ. ගොවීන්ට ඉන්ධන ලැබීම හේතුවෙන් වෙළඳ සංකීර්ණයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය ඉහළ යාම ඊට හේතුවයි.  


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම