ලෝක තත්ත්වයන්ට මුහුණදීමට ෂැංහයි සහයෝගතා සංවිධානයේ සමගිය වැදගත් බව චීන විදේශ ඇමති කියයි
2022-07-30 14:31:02
Share with:

වඩාත් සමගියෙන් යුත් ෂැන්හයි සහයෝගතා සංවිධාන පොදු ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ ඊයේ උස්බෙකිස්ථාන Tashkent අගනගරයේ පැවති ෂැන්හයි සහයෝගතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට එක් වෙමිනි.

වත්මන් ලෝකය නව  අවිනිශ්චිත යුගයකට පිවිසෙමින් තිබේ. වසංගත තත්ත්වය  හමුවේ ජාත්‍යන්තර හා කලාපීය උණුසුම් ගැටළු ද නොකඩවාම මතුවෙමින් තිබේ.  ෂැන්හයි සහයෝගතා සංවිධානයේ සාමාජික රටවල්, ‘ෂැන්හයි ජීවගුණය’ විදහා පාමින් එකිනෙකාට සහාය වෙමින් වඩාත් සමගි හා සමීප පොදු ජ්‍රජාවක් ගොඩනැගීමට තැත් කළ යුතු බව වං යී මහතා එහිදී කියා සිටියේය. ඔහු ඒ සඳහා චීනයේ යෝජනා ඉදිරිපත් කළේය.

සමගිය හා සහයෝගතා ශක්තිමත් කරමින් කලාපීය ආරක්ෂාව තහවුරු කළ යුතුය. අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් බහුපාර්ශ්වවාදයේ නියැළී සිටීම ද ඊට අයත්ය. සංවිධානාත්මක සංවර්ධනය ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම