දකුණු චීන මුහුදේ ආරක්ෂාවට අඛණ්ඩ තර්ජන එල්ල කරන ඇමරිකාව
2022-07-29 10:45:07
Share with:

               

               මෑතකදී ඇ‍මරිකානු යුද නෞකා දකුණු චීන මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් පැමිණ තිබේ. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් කියා සිටියේ, චීනය එම මුහුදු ප්‍රදේශයේ “ආක්‍රමණශීලී ව හා වගකීම් විරහිත ව ”ක්‍රියා කරන බැවින් කවර දිනක ‍හෝ එහි “බරපතල අනතුරක්”ඇති වන බවයි.

               ඇමරිකාව දකුණු චීන මුහුදට අනවසරයෙන් යුද නෞකා පිටත් කර යැවීම චීනයේ ආරක්ෂාවට හා ස්වාධිපත්‍යයට බරපතල තර්ජනයකි.ගෙවී ගිය වසර ගණනාවක් තුළ යාත්‍රා කිරීමේ නිදහස මුවාවෙන් ඇමරිකානු යුද නෞකා දකුණු චීන මුහුදේ බොහෝ වර ගමන් කර ඇත. පිටස්තර රටක් වුව ද , දකුණු චීන මුහුදු ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය කඩාකප්පල් කරමින් එම ප්‍රදේශය යුදකරණය කරා ගෙන යාමට ඇමරිකාව දක්වන්නේ දැඩි උනන්දුවකි.පසුගිය වසරේ බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව සමග එක්ව ඇමරිකාව ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරී සම්බන්ධතා ගොඩනැගීමෙන් පසු ඇමරිකාව ආසියා-ෆැසිපික් කලාපයේ ආරක්ෂක බලය තහවුරු කරමින් සිටින අතර, ඇතැම් නාවික න්‍යෂ්ටික බලශක්ති තොරතුරු ඕස්ට්‍රේලියාව සමග බෙදා‍‍ගෙන තිබේ. එයින් දකුණු චීන මුහුදේ ආරක්ෂාවට තවත් තර්ජනයක් එල්ල වී ඇත.

               දකුණු චීන මුහුදට යාබද රටවල් හා චීනය අතර ඇති සම්බන්ධතා උසිගන්වමින් එම මුහුදු ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකිරීම, ඇමරිකාව චීනය මර්දනය කිරීමේ තවත් උපායකි.එහෙත් අදාළ රටවලට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ දකුණු චීන මුහුද ඇතුළු ආසියානු කලාපයේ විශාලතම තර්ජනය වන්නේ ඇමරිකාව මිස වෙනත් කිසිදු රටක් නොවන බවයි. ආසියාන් සංවිධානයේ ප්‍රමුඛ සාමාජික රට වන ඉන්දුනීසියාව චීනය සමග සහයෝගයෙන් සාගර ආර්ථිකය වර්ධනය කිරීමට කැමැත්ත පළ කර ඇත. ඉන්දුනීසියාව කිසිදු යුද සන්ධානයකට එක් නොවන බවත්, කලාපීය ප්‍රශ්න ආසියාවට ගැලපෙන ආකාරයෙන් විසඳා ගත යුතු බවත්, ඉන්දුනීසියාව ප්‍රකාශ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම