පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරේ
2022-07-29 18:27:02
Share with:

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි.

ඒ අනුව නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය 28 දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කර ඇත.

වාර අවසන් කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

වාර අවසන් කෙරුණු  පාර්ලිමේන්තුව,ගැසට් නිවේදනයේ  දැක්වෙන අන්දමට  ජනාධිපතිවරයා විසින්  උත්සවාකාරයෙන් නැවත විවෘත කෙරෙන්නේ ලබන මස 3  වැනිදා බදාදාය.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්  කරනු ඇත.

නව ජනාධිපතිවරයෙකු පත් වූ පසු පාර්ලිමේන්තුව වාරඅවසාන කර උත්සවාකාරයෙන් විවෘත කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම