කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම උසස් පෙළේ සාකච්ඡා සභාවක්
2022-07-28 14:33:52
Share with:

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම සම්බන්ධ 2022 වසරේ ආර්ථික හා වෙළඳ උසස් පෙළේ සාකච්ඡා සභාව ඇරඹේ.

මෙම සාකච්ඡා සභාව අද(28) චීනයේ Qingdao නගරයේ දී පැවැත්විණ. චීන වෙළඳ ප්‍රවර්ධන සංගමයේ අදාළ නිලධාරියෙක් පැවසුවේ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම හෙවත් RCEP ක්‍රියාවට නැංවීමෙන් පසු ගෙවී ගිය මාස 6 තුළ ගෝලීයකරණය හා ජාත්‍යන්තර ආර්ථික පද්ධතියට එල්ලවූ අභියෝග මධ්‍යයේ RCEP ප්‍රබල ජීව ශක්තියක් හා ජවයක් පෙන්නුම් කර තිබෙන බවයි.

RCEP මේ වසරේ ජනවාරි මස පළමු වනදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක කෙරිණ. ඉන් ලෝකයේ වැඩි ම ජනගහණය මෙන්ම විශාලතම ආර්ථික හා වෙළඳ පරිමාණය සහිත නිදහස් වෙළඳ කලාපය නිල වශයෙන් ගොඩනැගීම සංකේතවත් වේ. මෙම වසරේ චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය විසින් RCEP කර්මාන්ත හා වාණිජ උපදේශක සභාව ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කිරීම, RCEP ප්‍රචාරක හා ක්‍රියාත්මක කටයුතු පිළිබඳ විධායක කණ්ඩායම ස්ථාපිත කිරීම සිදු කරනු ලැබිණ. එය විවිධ සාමාජික රටවල සමාගම්වලට RCEP හරහා වැඩිපුර ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වෙයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම