2022 චීන මෝටර් රථ අඩු කාබන් ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පර්යේෂණ වාර්තාව නිකුත් කෙරේ
2022-07-28 10:33:17
Share with:

2022 චීන මෝටර් රථ අඩු කාබන් ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පර්යේෂණ වාර්තාව එළිදැක්වේ. චීන මෝටර් රථ තාක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් එය,  ඊයේ (27) බෙයිජිං හිදී නිකුත් කරනු ලැබීය.

මෙම වාර්තාව සැකසීමේ දී මගී සහ වාණිජ වාහන වර්ග 6,725 ක සමස්ත ජීවන චක්‍රයේ කාබන් විමෝචන මට්ටම පරීක්ෂා කර තිබේ. චීනයේ මෝටර් රථ කර්මාන්තයේ සමස්ත ජීවන චක්‍රයේ කාබන් විමෝචනය ටොන් බිලියන 1.2ක් දක්වා ළඟා වී ඇති බව දත්ත පෙන්වා දෙයි. ඒ අතර මගී මෝටර් රථ 58% ක් පමණ වේ. සාම්ප්‍රදායික පෙට්‍රල් වාහන හා සසඳන විට පිරිසිදු විදුලි වාහනවල කාබන් විමෝචනය 43.4% කින් අඩු ය. 2060 වන විට, පිරිසිදු විදුලි වාහනවල සමස්ත ජීවන චක්‍රයේ කාබන් විමෝචනය කිලෝමීටරයකට ග්‍රෑම් 23 දක්වා අගයකට ළඟා විය හැකි අතර, කාබන් විමෝචනය අඩු කිරීම සඳහා ප්‍රබල විභවයක් ද පවතී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම