චීන විදේශ අමාත්‍යවරයාගෙන් මෙරට නව විදේශ අමාත්‍යවරයාට සුබ පැතුම්
2022-07-28 08:41:53
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා, ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත ඉකුත් 25වැනි දා සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

චීනය හා ශ්‍රී ලංකාව එකිනෙකාට සහය වන හා පොදු සංවර්ධනයක් පතන කල්‍යාණ මිතුරන්, සමීප හවුල්කරුවන් හා හොඳ සහෝදරයන් බව වං යී මහතා එම සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී. ද්විපාර්ශ්වික සම්බන්ධතා සැමවිටම යහපත් අන්දමින් පවතින අතර, එය ලොකු හා කුඩා රටවල් සුහදශීලි සම්බන්ධතා හා සහයෝගිතා පවත්වමින් එකිනෙකාට යහපත ගෙනදීම පිළිබඳ ආදර්ශයක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව චීනය නිරන්තරයෙන් අවධානය යොමු කරන බවත්, චීනය හැකි උපරිමයෙන් ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අඛණ්ඩ ආධාර ලබා දෙන බවත්, චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

අලි සබ්රි මහතා සමග එක්ව චීනය හා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 65වැනි සංවත්සරය සහ සහල්-රබර් ගිවිසුම අත්සන් කිරීමේ 70වැනි සංවත්සරය නිමිති කරගෙන, දෙරට අතර පවතින පාරම්පරික සුහදශීලී, උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ද චීන විදේශ අමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩය මගින් කැමැත්ත පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම