චීනය හා ඉන්දුනීසියාව පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට මුල පුරයි
2022-07-27 16:55:48
Share with:

ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව චීනය පිළිගත් පළමු විදේශ නායකයායි. චීනය ඔහුගේ මෙවර නැගෙනහිර ආසියානු සංචාරයේ පළමු ගමනාන්තයයි. ඉන් දෙර‍ට අතර සම්බන්ධතාවේ සමීපභාවය පිළිබිඹු වෙයි. ඊයේ (26) පැවති  දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවේදී, පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණ තහවුරු කෙරුණු අතර එම හමුව පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශනයක් ද නිකුත් කෙරිණ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සහ “ගෝලීය සමුද්‍රීය ක්‍රියාකාරීත්ව” සංකල්පය පිළිබඳ සහයෝගිතා ගිවිසුම් අලුත් කිරීම හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබීම ද එම සාකච්ඡාවේ ප්‍රතිඵලයන්ය.

චීනය හා ඉන්දුනීසියාවේ සංවර්ධන අවධිය තුළ පොදු ප්‍රතිලාභ හා එකඟතා රැසක් පවතී. ජාත්‍යන්තර විශාල වෙනස්වීම් හා නව කොරොනා වසංගතය මධ්‍යයේ, පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම  යටතේ දෙර‍ට දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමූද්‍රීය සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම අනිවාර්යයෙන්ම දෙර‍ට‍‍ට නව සංවර්ධන අවස්ථා ලබා දෙනු ඇත.  මෙවර සාකච්ඡාවෙන්, දෙරටේ සංවර්ධන උපායමාර්ග එකිනෙකට ගැලපීම තවදුරටත් ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාව හා පොදු සංවර්ධනයේ මනා ආදර්ශයක් මෙන්ම දකුණු-දකුණු සහයෝගිතාවේ පුරෝගාමීත්වයක් වෙනුවෙන්, චීනය හා ඉන්දුනීසියාව අඛණ්ඩව සිය කාර්යභාරයන් ඉටු කරනු ඇත. ඉන් ඇති වන විධිමත් අවස්ථා දෙර‍ට‍‍ට පමණක් නොව, ආසියාවටත් ලෝකයටත් හිතකරය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම