රටක අභ්‍යන්තර ප්‍රශ්ණයක දී බාහිර සාධක ඊට සම්බන්ධවීමේ ජාත්‍යන්තර පටිපාටියට හානිකර තත්ත්වයක්
2022-07-27 10:20:16
Share with:

ඕනෑම රටක අභ්‍යන්තර ප්‍රශ්ණයක දී බාහිර සාධක ඊට සම්බන්ධවීමේ ප්‍රවණතාවක් නූතන දේශපාලන පරිසරය තුළ දැකිය හැකි බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. මෙය ජාත්‍යන්තර පටිපාටියට හානිකර තත්ත්වයකි. විශේෂයෙන් බටහිර සාධකයන් විවිධ ස්වරූපයන් ගෙන් එවැනි මැදිහත්වීම් සිදු කර ඇති බවට පැහැදිලිව දක්නට ඇත. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව ඉන් උදාහරණ කිහිපයක් පමණි. ශ්‍රී ලංකාවේ මෑතදී ඇතිවූ නොසන්සුන්තාවන් සම්බන්ධයෙන් ද බාහිර සාධකයන් ගේ බලපෑමක් සිදුවූයේ ද යන්න විවිධ මතවාදයන් පවතී. මෙලෙස රටක අභ්‍යන්තර කරුණු වලට බාහිර පාර්ශ්වයන් හී බලපෑම් එල්ලවීමෙන් එම කරුණුවල කේන්ද්‍රීය ස්වරූපයන් වෙනස්වීමකට ලක්විය හැක. එය සැබෑ අරමුණු පසෙකලා බාහිර සාධකයන් ගේ අරමුණු ජය ගැනීම දක්වා වෙනස්විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. එම නිසා සංවේදී අවස්ථාවලදී එවැනි පාර්ශ්වයන් ගේ මැදිහත්වීම් සිදුවන්නේ ද යන්න පිළිබඳ අවදියෙන් සිටීම රටක ජනතාව ගේ වගකීමක් බවට පත්විය යුතු යැයිද හෙතෙම කියා සිටී. එලෙස නොවන්නේ නම් විවිධ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ද සිදුවනු ඇත.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම