දුම්රියට හදවතින් බැඳුණු Silangwangzha
2022-07-27 15:03:39
Share with:

35 හැවිරිදි Silangwangzha චීනයේ ටිබෙට් ස්වායත්තයේ කඳුකර ප්‍රදේශයක පිහිටි Qamdo නගරයේ දී උපත ලැබුවා. ඔහුගේ දෙමව්පියන් එ‍ඬේර යුවළක්. වයස අවුරුදු 16 දී විභාගයකින් සමත් ව, දුම්රිය පුහුණු  විද්‍යාලයකට ඇතුළු වීමට ඔහු සමත් වුණා. එතැන් සිට ඔහුට දැනුණේ තමා හා දුම්රිය අතර ඇති ළෙන්ගතුකම ආරම්භ වූ හැඟීමක්.

ටිබෙට්ය පිහිටා තිබෙන්නේ සානු ප්‍රදේශයකයි. භූගෝලීය බාධා නිසා, දිගුකාලයක් තුළ, චීනයේ දුම්රිය මාර්ගය ඉදි කර නොමැතිව පැවති එකම පළාත් මට්ටමේ ප්‍රදේශය වූයේ ද ටිබේටයයි. 2006 වසරේ Qinghai-ටිබෙට් දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීමත් සමග, ටිබෙට්යේ දුම්රිය මාර්ගයක් නොමැති ඉතිහාසය නිම කෙරුණා.

2021 වසරේ ජූනි මාසයේ, ටිබෙට්යේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය නිල ව‍ශයෙන් ක්‍රියාත්මක කෙරුණා. එම මාර්ගයට අයත් Lhasa සිට Nyingchi දක්වා දුම්රිය සේවාවේ ප්‍රථම ධාවනයේ රියදුරා වූයේ Silangwangzhaයි. එහි වේගය පැයට කිලෝමීටර් 160ක්. එම නගර 2කේ අතර ගමන පැය 5හේ සිට 3ක් දක්වා අඩුවීම මෙම දුම්රිය ධාවනයත් සමග ලැබුණු වාසියක්.

ගතවූ වසර 16 තුළ, ආධුනික පුහුණුවන්නකුගේ සිට, සම-රියදුරු, රියැදුරු දක්වාම වෘත්තීය සාර්ථකත්වය අත්කර ගන්නට ඔහුට හැකිවුණා. මුල් කාලයේ ඔහු පැදවූයේ ආනයනය කරන ලද දුම්රිය වර්ගයක්. නමුත් දැන් ඔහු පදවන දුම්රිය චීනය විසින් ම පර්යේෂණය කර නිපදවූ අධිවේගී දුම්රියයි.

සිය වයෝවෘද්ධ මෑණියන්ට දුම්රියෙන් ටිබෙට්යේ සංචාරය කරමින්, නවීන දුම්රියක ඉහළ පහසුකම් අත්විඳීමට හැකිවනු ඇතැයි  Silangwangzha හදවතින් ම අපේක්ෂා කරනවා.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම