චීනයේ ආර්ථික ප්‍රගමනය කෙරෙහි ස්පාඤ්ඤ විශේෂඥයන් ගේ විශ්වාසය
2022-07-27 14:59:45
Share with:

චීනයේ ආර්ථික ප්‍රගමනය කෙරෙහි ස්පාඤ්ඤ විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

එරට ශාස්ත්‍ර හා වාණිජ ක්ෂේත්‍ර වල විශේෂඥයෝ පසුගිය දා චීනයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය අමතමින් මේ බව පැවසූහ. මෙම වසරේ මුල් මාස 6 තුළ, චීන ආර්ථිකය අභියෝගාත්මක සාධක රැසක් ජය ගනිමින් ස්ථාවර වර්ධනයක් සාක්ෂාත් කර තිබෙන බව ඔවුන්ගේ අදහස වී ඇත.

ස්පාඤ්ඤයේ Pompeu Fabra විශ්වවිද්‍යාලයේ ආර්ථිකය පිළිබඳ මහාචාර්යවරයෙක් චීන ආර්ථිකය වසරේ අපේක්ෂිත වර්ධනය ඉටු කිරීමට ඉඩ ඇති අවස්ථාව පිළිබද විශ්වාසය පළ කර තිබේ. චීන-යුරෝපා ණය ප්‍රවර්ධන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් පවසා ඇත්තේ ස්පාඤ්ඤය හා චීනය අතර වෙළඳ ගනු-දෙනු තවදුරටත් තහවුරු කෙරෙනු ඇති බවයි. මේ යටතේ තිරසර ආර්ථික ක්ෂේත්‍රය කැපී පෙනෙනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම