චීන හා ඉන්දුනීසියානු ජනාධිපතිවරු ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරති
2022-07-26 20:04:59
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.

එම සාකච්ඡාව අද(26) බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය නිල නිවාඩු නිකේතනයේදී පැවැත්විණ.

Joko Widodo ජනාධිපතිවරයා බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලෙන් පසුව චීනය පිළිගන්නා පළමු විදේශ නායකයා බවත්, ද්විපාර්ශ්වීය සම්බන්ධතාව වර්ධනය කිරීම කෙරේ දෙරට දක්වන උපරිම සැලකිල්ල මෙමගින් පිළිබිඹු වන බවත් ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.

මෑත වසරවල චීනය හා ඉන්දුනීසියාව, දේශපාලන, ආර්ථික, සංස්කෘති හා සාගර සහයෝගතාව යන සිව් වැදෑරුම් සහයෝගතා සමස්තය අඛණ්ඩව පුළුල් කර, ස්වයං සංවර්ධනය, අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ පිළිබඳ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල ආදර්ශය බවට පත්වී තිබේ. දෙරටේ ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභ ගෙන දෙමින්, කලාපීය හා ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් වඩාත් වැඩි දායකත්වයක් ලබා දීම සඳහා, තමා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සමග එක්ව උපායමාර්ගික වශයෙන්, දූරදර්ශීව, දෙර‍ට සම්බන්ධතාව තිරසර හා ස්ථාවර ලෙස ඉදිරියට මෙහෙයවීමට කැමති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. 

දැනට ලෝකය පෙර නොවූ විරූ ආකාරයකට වෙනස් වෙමින් පවතී. චීනය හා ඉන්දුනීසියාව සංවර්ධනය වෙමින් පවතින විශාල රටක වගකීම්  දරමින් සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ප්‍රාදේශීය විවෘතභාවයේ නියැළෙමින්, ගෝලීය පාලනය වෙනුවෙන් පෙරදිග බුද්ධිය හා ආසියානු ශක්තිය කැප කළ යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එළඹෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථකව පැවැත්වීමට හැකිවනු ඇති බවට ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා එහිදී සුබ පැතුම් පිරිනැමුවේය. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ස්ථිර නායකත්වය යටතේ අනාගතයේ චීනය වඩාත් දැවැන්ත ජයග්‍රහණ දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු කීය. තම රට චීනය සමග එක්ව සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කරමින් කලාපීය සාමය හා ගෝලීය සංවර්ධනය වෙනුවෙන් වඩාත් වැඩි කැප කිරීම් සිදු කිරීමට කැමති බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම