ත්‍රස්ත මර්දනයට වඩා චීනය මර්දනය වැදගත් යනුවෙන් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා ප්‍රධානියෙකු පවසන්නේ කවර සාධාරණ මතයක පිහිටා ද?
2022-07-26 11:21:30
Share with:

                   

                   පසුගිය දා ඇමරිකාවේ Colorado ප්‍රාන්තයේ පැවති Aspen ආරක්ෂක සාකච්ඡා සභාවට එක්වූ විවිධ රටවල බුද්ධි සේවා ප්‍රධානීන් අතරින් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ Richard Moore අරුම පුදුම අදහසක් පළ කර තිබේ. ඒ, ඔහු මාධ්‍ය සමග චීනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ය. දැනට චීනය සිය සේවයේ ප්‍රධානතම ඉලක්කය බවත්, එය ත්‍රස්ත මර්දනයට වඩා වැදගත් වන බවත්, ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. එම සාකච්ඡාව Richard Moore විදේශ රටක සහභාගි වූ පළමු මාධ්‍ය සාකච්ඡාවයි. තමන්ගේ “සුවිශේෂ”මතය එවන් අවස්ථාවක පළ කිරීමට ඔහු උත්සුක වීම පුදුමයක් නොවේ.

                   එහෙත්, මෙම බ්‍රිතාන්‍ය බුද්ධි සේවා ප්‍රධානියා චීනය පිළිබඳව පළ කළ මෙම අදහස කිසිදු පදනමකින් තොර අසත්‍යයක් බව, නිවැරදි තොරතුරු හමුවේ මනාව පැහැදිලි වෙයි. ගතවූ වසර 30 තුළ චීන හමුදා භටයන් 50 දහසක් පමණ එක්සත් ජාතීන්ගේ සාමසාධක කාර්යයන් 25කට එක් වී ඇත.ඔවුන්ගෙන් 16 දෙනෙකු එහිදී තම දිවි පුද කර තිබීම ද විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් අතරින් සාමසාධක කටයුතු වෙනුවෙන් වැඩිම භට පිරිස් යොදවා ඇති රට වන්නේ චීනයයි. චීන සාමසාධක භට පිරිස් බොහෝ වර එක්සත් ජාතීන්ගේ සම්මාන දිනාගෙන ජගත් සාමසාධක කටයුතුවල ප්‍රමුඛතම බලයක් බවට පත්ව තිබේ.

                චීනය, ජගත් සාමසාධක කටයුතු වෙනුවෙන් මෙවැනි කැපවීම් සිදුකරන විට බ්‍රිතාන්‍යය සිය සන්ධාන මිතුරා වන ඇමරිකාව සමග එක්ව විවිධ රටවල හා කලාපවල ප්‍රශ්න හා ගැටළු ඇති කරමින් ලෝක සාමයට දැඩි ලෙස බාධා කර ඇත. මෑත වසරවල බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධින් රැසක් වාර්තා වීමෙන් බ්‍රිතාන්‍ය ජනතාව දැනුදු යම් චකිතයකින් පසු වන බව රහසක් නොවේ. ඉදින්, ත්‍රස්ත මර්දනයට වඩා චීනය මර්දනය වැදගත් යනුවෙන් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා ප්‍රධානියෙකු පළ කළ මතය අභූත නොවන්නේද..?

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම