ලෝක ආර්ථික ප්‍රගමනයට දායකත්වය ලබා දෙන චීන ආයෝජන
2022-07-26 16:02:22
Share with:

චීනයේ වේගවත් ආර්ථික සංවර්ධනය ගෝලීය ආර්ථිකයයේ ප්‍රගතියට සහ සමෘද්ධිමත්භාවයට විශාල දායකත්වයක් ලබා දී ඇත. එමෙන්ම ලෝක ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ප්‍රකෘතිමත් කිරීමට ද චීනය ලබා දුන් දායකත්වය වඩා සුවිශේෂී බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යානාංශයේ, අධ්‍යානාංශ ප්‍රධාන මහාචාර්ය නවරත්න බණ්ඩා ප්‍රකාශ කළේය.

ලෝකය පුරා බොහෝ රටවල ප්‍රධාන ගැටලුවක් බවට දරිද්‍රතාව පත්ව ඇත. එය ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයට සහ තිරසර සංවර්ධනයට බරපතල ලෙස බලපානු ඇත. නමුත් වර්තමානයේ චීනයේ නිරපේක්ෂ දරිද්‍රතාව අවසන් කර ඇතැයි ප්‍රකාශයට පත් කර තිබේ. එය ලෝක ආර්ථිකයේ ප්‍රගමනයට යහපත් බලපෑමක් එල්ල කෙරේ.

චීනය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය අඛණ්ඩව ඉහළ නංවා ගනිමින් සියලු අංශවල වර්ධනීය ඉලක්කයන් සපුරා ඇත. සම්පත් සූක්ෂම නිෂ්පාදන ක්‍රමය සිය නිෂ්පාදන ශිල්ප ක්‍රමය ලෙස භාවිත කිරීම තුළ ආර්ථික, සාමාජීය සහ පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට සමත්ව ඇත. ආයෝජනයේ සිට පරිභෝජනය දක්වා ඉහළ වර්ධනයක් හිමි කර ගනිමින් සිය ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගෙන ඇත.

එමෙන්ම වර්තමානයේ නව විදේශ ආයෝජනවල ගමනාන්තය වන්නේ චීනයයි. සිය ආධාරක ක්‍රමවේදය සහ වෙළෙඳ ප්‍රතිපත්තිය තුළ ලෝකයේ රටවල ආයෝජන සඳහා සම්බන්ධව ඇත. ලෝක ආර්ථිකයට චීනයේ සංක්‍රාන්තිය සහ චීනය ඇති කර ගත්ඒකාග්‍රතාවය මෙහි දී වඩා වැදගත් බව ද මහාචාර්යතුමන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට ද සිය විදේශ වෙළෙඳපොළ ගනුදෙනුවල දී චීනය සමග කටයුතු කිරීම වඩා වාසිදායක වේ. ඒ අනුව චීනයේ ආයෝජන විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනයට උපකාරී වන බව මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම