චීන ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු නිලධාරියෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයකට
2022-07-26 15:51:28
Share with:

චීන ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු නිලධාරියෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස තේරී පත්වෙයි.

Li Junhua මහතා එක්සත් ජාතීන්ගේ ආර්ථීක සමාජ කටයුතු පිළිබඳ නව නියෝජ්‍ය ලේකම්වරයා ලෙස පත් කරන බව ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළේය.

බහු පාර්ශ්වික ආර්ථීක හා සාමාජීය සහයෝගිතා තහවුරු කිරීම කෙරෙහි යෝජනා හා ඉදිරි දැක්ම  සම්බන්ධයෙන් හෙතෙම කටයුතු කරනු ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.ඒ ඒ පාර්ශ්වයන් සමඟ 2030 වසරේ තිරසර සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරමින් සාමාජික රටවලට සේවය කිරීමේ කටයුතු වල නියැළි සිටින බවද Li Junhua මහතා ප්‍රතිඥා දුන්නේය.

ඉතාලියේ සහ සැන් මරිනෝ හි චීන තානාපතිවරයා ලෙස කටයුතු කරන Li Junhua මහතා 1985 දී චීන විදේශ අමාත්‍යාංශයට එක්විය. ඉන්පසු චීන විදේශ අමාත්‍යංශයේ ජාත්‍යන්තර කාර්යාලයේ අධ්‍යක්ෂවරයා, මියන්මාරයේ චීන තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙශ්පාලන කටයුතු භාර කොන්සල්වරයා ලෙසට ද හෙතෙම සේවය කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම