දෙවන චීන අප්‍රිකා සාම හා ආරක්ෂක සංවාදයට චීන ජනපති ගෙන් සුභ පැතුම්
2022-07-26 15:38:27
Share with:

දෙවන චීන අප්‍රිකා සාම හා ආරක්ෂක සංවාදයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුභ පැතුම් පිරිනමයි.

චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සංවාදයට චීන ජනාධිපතිවරයා යොමු කළ සුභ පැතුම් පණිවුඩයේ දැක්වුණේ තිරසර සාමය හා ජගත් ආරක්ෂාව, චීන හා අප්‍රිකා ජනතාව‍ ගේ පොදු අභිලාෂය බවයි. චීනය සැමවිටම පොදු ප්‍රතිලාභය, අවංකභාවය, ප්‍රායෝගිකත්වය, හිතවත්කම සහ යහපත් විශ්වාසයේ මූලධර්ම මත අප්‍රිකානු මිතුරන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කිරීමට, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීමට, ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ නව යුගයේ හවුල් අනාගතයක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට චීනය අප්‍රිකාව සමඟ කටයුතු කරනු ඇත යනුවෙන් ද එම සුභ පැතුම් පණිවුඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම