2022 ‍බෙයිජිං මානව හිමිකම් සංසදය ඇරඹේ.
2022-07-26 18:33:44
Share with:

2022 බෙයිජිං මානව හිමිකම් සංසදය අද(26) චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ විය. "සාධාරණ,වඩාත් සමබර, යුක්ති සහගත ගෝලීය මානව හිමිකම් යහ පාලනයක් වෙනුවෙන් එක්ව ක්‍රියා කරන්නෙමු " යන මැයෙන් යුත් එම සංසදය චීන මානව හිමිකම් පර්යේෂණ සංගමය සහ චීන සංවර්ධන පදනම විසින් ඒකාබද්ධව සංවිධාන කර තිබේ. රටවල් 70ක හා එක්සත් ජාතීන්ගේ සංවිධානය යන ජගත් සංවිධාන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ, විශේෂඥයෝ, විද්වත්හූ සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ ඇතුළු 200කට ආසන්න පිරිසක් එම සංසදයට සහභාගී වූහ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති, චීන මානව හිමිකම් පර්යේෂණ සංගමයේ සභාපති Padma Choling මහතා එහිදී දේශනයක් කළේය .හෙතෙම පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සිට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මානව හිමිකම් ගරු කිරීම හා සහතික කිරීම රටේ පරිපාලනයේ ඉතා වැදගත් අංගයක් ලෙස ක්‍රියාත්මක කරන බවයි.මානව හිමිකම් සංවර්ධනය මානවයාගේ පොදු මෙහෙයුමක් වන අතර ලෝකයේ සියලුම රටවල් ඒකාබද්ධව ඊට උත්සාහ දැරිය යුතු බවද හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම