ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ විධිමත් කිරීමට උපදෙස්
2022-07-26 18:31:18
Share with:

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙයි.

ඖෂධ ගෙන්වීම කළමනාකරණය,හා හිඟයකින් තොරව ජනතාවට ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ඉන්දියානු ණය ආධාර, චීන ආධාර ඇතුළු පරිත්‍යාග ඔස්සේ ඖෂධ විශාල තොගයක් මෙරටට ලැබෙන බවත් එයට අමතරව ඖෂධ ලබා ගැනීමේ අනෙකුත් වැඩපිළිවෙළද විධිමත් කරමින් හිඟයකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. මෙරට ඖෂධ නිෂ්පාදනය යළි කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට පියවර ගන්නා ලෙස‍ට ද  සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම