ඇමරිකාව අවනීතික ක්‍රියා රැසක අධිරාජ්‍යයක් බව චීන විදේශ අමාත්‍යංශය කියයි
2022-07-25 18:18:33
Share with:

 

ඇමරිකාව ලොව ප්‍රමුඛ හැකර්, එබිකම්  හා රහස් සොරකම් කිරීමේ අධිරාජ්‍යය බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ ඇමරිකානු ආගමන හා රේගු නීති බලාත්මක අධිකාරිය, එබිකම් පද්ධතිය ගොඩනගා නීතිය මඟහැර ඇමරිකානු පුරවැසියන් කෙරේ පූර්ණ ලෙස එබිකම් කිරීම් සිදු කරන බවට ඇමරිකානු Georgetown විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමරිකානු රජය, සිය සාමාන්‍ය සිවිල් වැසියන්, සැකකරුවන් ලෙසට සලකන අතරම, ලොව පුරා එරටේ සන්ධාන රටවල් හා හවුල්කාරී රටවල් පවා එබිකම්වලට ලක් කළ බව එම වාර්තාවෙන් ඔප්පු වී තිබේ. ඇමරිකාව සැම විටම ආඩම්බර ලෙස ස්වයංව ප්‍රචාරය කරන එරටේ ‘මානව හිමිකම්, නීති පාලනය හා උපමාන’ යනාදියට එය මනා උපහාසයක් යැයි චාඕ ලීජියන් මහතා කීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම