Nancy Pelosi ගේ තායිවාන ප්‍රදේශ‍යේ සංචාරක සැලසුමට චීනයේ දැඩි විරෝධය
2022-07-25 19:20:05
Share with:

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා Nancy Pelosi ලබන අගෝස්තු මාසයේ චීනයේ තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීමේ සැලසුම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

එම විරෝධය චීනය බොහෝ වරක් ඇමරිකාව වෙත දැඩිව පළ කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. ඇමරිකාව එම විරෝධය නොතකන්නේ නම්, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය අදාළ දැඩි පියවර ගනු ඇති අතර, ඉන් ඇති වන සියලුම බරපතල ප්‍රතිවිපාකවලට ඇමරිකාව වගකිව යුතු බව Zhao Lijian මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම