උණ ඇත්නම් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි
2022-07-24 16:50:55
Share with:

උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. වෛරස් උණ, ඉන්ෆ්ලුවන්සා, මී උණ සහ ඩෙංගු රෝග මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනා නාශක හෝ ඖෂධ වර්ග භාවිත නොකරන්නැයි ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද යළි ඉහළ යමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා ආසාදිතයන් 72 දෙනෙකු ඊයේ (23)  හඳුනාගත් බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) එක් කොරෝනා මරණයක් තහවුරු කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම