චීන - ඉන්දුනීසියානු සබඳතා වර්ධනීය නව මානයක් කරා
2022-07-24 21:08:43
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනා පරිදි ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා ලබන 25, 26  දෙදින චීනයේ සංචාරය කිරීමට නියමිත ය. Joko Widodo මහතා බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලෙන් පසු චීනයේ සංචාරය කරන පළමු විදේශ රාජ්‍ය නායකයා වීම විශේෂත්වයකි. චීනය හා ඉන්දුනීසියාව අතර පවතින්නේ දිගුකාලීන මිත්‍රත්වයකි.මෑත වසරවල දෙරටේ නායකයන්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. මෑත වසරවල චීන-ඉන්දුනීසියානු සබඳතාව ඇගයීමේදී එක් වැඩපිළිවෙළක්, එක් ජීවගුණයක්, එක් දුම්රිය මාර්ගයක් සහ එක් ගිවිසුමක් සඳහන් කළ යුතු මය.

         “21වැනි සියවසේ මුහුදු සේද මාවත”වැඩපිළිවෙළ, චීනය ඉදිරිපත් කළ "එක් තීරයක්- එක් මාවතක්" වැඩපිළිවෙළේ වැදගත් කොටසකි. චීන ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ 2013 වසරේ ඔක්තෝබර් මස 3වැනි දා ඉන්දුනීසියානු කොංග්‍රසයේ දේශනයක් පැවැත්වූ අවස්ථාවේදී ය. එතැන් සිට ගත වූ වසර 8 තුළ ඉන්දුනීසියාව එම වැඩපිළිවෙළට සක්‍රිය ව එක් වෙමින් චීනය සමග විවිධ ක්ෂේත්‍රවල යහපත් සහයෝගිතා පවත්වමින් සිටී.

          2015 වසරේ අප්‍රේල් මස 22වැනි දා ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ චීන ජනාධිපතිවරයා දේශනයක් පවත්වමින්, මීට වසර 60කට පෙර පැවති Bandung සමුළුව සිහිපත් කළේ ය. නව යුගයේ Bandung සමුළුවේ ජීවගුණය එනම්, ආසියානු-අප්‍රිකානු රටවල එකමුතුව හා සහයෝගිතාව තවමත් අර්ථවත් වන බව හෙතෙම එහිදී අවධාරණය කළේ ය.

      ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සහ Bandung නගරය සම්බන්ධ කරන Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය, ඉන්දුනීසියාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ ද පළමු අධිවේගී දුම්රිය මාර්ගයයි. මෙම දුම්රිය මාර්ගය චීනයේ තාක්ෂණයෙන් හා ආධාරයෙන් ඉදි කරන ලද්දකි.

      2011 වසරේ ඉන්දුනීසියාව ප්‍රථමයෙන්, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම  යෝජනා කළේ ය.ඊට චීනය ඇතුළු රටවල් රැසක සහ ආසියාන් සංවිධානයේ සහය ලැබිණ.මේ වසරේ ආරම්භක දිනයේ සිට එම ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කෙරිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ වසරේ පැවති බෝ ආඕ ආසියා සාකච්ඡා සභාව ඇමතූ අවස්ථාවේදී ද කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම පිළිබඳ ඉහළින් අගය කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම