2021 වසරේ චීනයේ දත්ත නිෂ්පාදිත ප්‍රමාණය ලෝකයේ දෙවන ස්ථානයට පත් වේ
2022-07-24 18:48:44
Share with:

ඩිජිටල් චීනය ඉදිකිරීම පිළිබඳ 5 වැනි සමුළුව ඇරඹේ. ඒ,  ඊයේ(23) Fujian පළාතේ Fuzhou නගරයේ දී ය.

සමාරම්භක උත්සවයේදී, චීන සයිබර් අවකාශ පරිපාලනය විසින් "2021 ඩිජිටල් චීන සංවර්ධන වාර්තාව" නිකුත් කෙරිණ. එසේම 2022 ජාතික ඩිජිටල් සාක්ෂරතාව සහ නිපුණතා වැඩිදියුණු කිරීමේ මාසය යන සැලසුම ද ඒ සමඟ ආරම්භ විය.

මෙම වාර්තාවට අනුව, චීනය ලොව විශාලතම සහ තාක්‍ෂණික වශයෙන් දියුණු ජාල යටිතල පහසුකම් ගොඩනගා ඇත.

2021 වසරේ අවසන් වන විට, චීනය 5G මධ්‍යස්ථාන මිලියන 1.4කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇත. මෙය ලෝකයේ 5G මධ්‍යස්ථානවලින් 60% කට වැඩි ප්‍රමාණයක් වන අතර, 5G භාවිතා කරන්නන් මිලියන 355 ක් දක්වා ළඟා වී ඇත. පරිපාලන ගම්මාන සහ දිළිඳුකම පිටුදැකීමේ ගම්මානවල  බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශ අනුපාතය 100%ක් වීම ද කැපීපෙනේ.

මෙතෙක්, චීනයේ කාර්මික අන්තර්ජාල යෙදවුම් ජාතික ආර්ථිකයේ කාණ්ඩ 45ක් ආවරණය කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම