චීනයේ අර්ධ සන්නායක කර්මාන්තයට එරෙහිව ඇමරිකාව යළිත් පනතක් සම්මත කරයි
2022-07-23 17:00:22
Share with:

ඇමරිකානු සෙනෙට් සභාව මෑතකදී අර්ධ සන්නායක නිෂ්පාදනය සඳහා වන උපකාරක දිරිගැන්වීම පිළිබඳ පනතක් සම්මත කළේය.

මෙම පනත ඇමරිකානු අර්ධ සන්නායක කර්මාන්තය සඳහා ආරක්ෂක වැටක් ස්ථාපනය කිරීමට නියමිතය. එමගින් සහනාධාර ලබාගන්නා සමාගම් චීනයේ ආයෝජනය කිරීම සීමා කරනු ඇත.

මෙම පනතේ චීනයට එරෙහි ඇමරිකානු අරමුණ ඉතා පැහැදිලිව පිළිබිඹු වෙයි.

චිප් කර්මාන්තය පුළුල් ලෙස ගෝලීයකරණය වූ කර්මාන්තයක් වන අතර, රටවල් අතර ශ්‍රමය බෙදීයාම සහ සහයෝගිතාව ඊට අත්‍යවශ්‍ය වේ.

ඇමරිකානු දේශපාලනඥයන්ගේ හැසිරීම, පැහැදිලිවම වෙළඳපොළ නීති උල්ලංඝනය කරන අතර, එය ගෝලීය කාර්මික දාමයේ ස්ථාවරය විනාශ කරනු ඇත.

Trump යුගයේ සිට, චීනයේ අර්ධ සන්නායක කර්මාන්තයට එරෙහිව ඇමරිකාව පුළුල් මර්දනයක් දියත් කර තිබේ. වත්මන් ඇමරිකානු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙම මර්දනය තීව්‍ර වී ඇත.

නමුත්, දේශපාලන මැදිහත්වීම්වලට වෙළඳපොළ නීතිවලට බලපෑම් කළ නොහැකි අතර, "විද්‍යා හා තාක්ෂණ විසංයෝජනය" සිදු කිරීමෙන් චීනයේ සංවර්ධනයට බාධාවක් නොවනු ඇත.

2021 වසරේ චීන චිප් ආශ්‍රිත සමාගම්වල මුළු විකුණුම් 18% කින් ඉහළ ගොස් තිබේ. Bloomberg පුවත් ඒජන්සිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය කාර්තු හතර තුළ, සෑම කාර්තුවකම ලොව වේගයෙන්ම වර්ධනය වන චිප් සමාගම් 20 න් 19ක්ම චීනය සතු ය.

ඇමරිකානු චිප් පතේ "ආරක්ෂාව", ඔවුන් තමාටම යොදාගන්නා මාර්ග බාධකයක් පමණක් වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම