කෝටි 9ක ආසාදිතයන් යනු කොරොනා පිළිබඳ "ඇමරිකානු ඛේදවාචකයේ" අවසානය නොවේ
2022-07-22 10:39:56
Share with:

කෝටි 9ක් -- ඇමරිකාවේ කොරොනා ආසාදන සංඛ්‍යාව සඳහා තවත් ඛේදනීය සන්ධිස්ථානයකි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ (21) සවස වනවිට ඇමරිකාවේ සමස්ත කොරොනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 90013400 දක්වා ළඟා වී ඇති අතර, මරණ 1025600 ක් පමණ වාර්තා වී ඇත. ආසාදිත හා මරණ සංඛ්‍යා දෙකම ලෝකයේ කොරොනා සංඛ්‍යාලේඛනයන් හි පළමු ස්ථානයට පත්විය.

කෝටි 9 ක ආසාදිතයන් යනුවෙන් කියැවෙන්නේ, සමස්ත ඇමරිකානුවන්ගෙන් සෑම තුනකට අයෙකුම කොරොනා ආසාදනයට ලක්ව ඇති බවයි. එසේම, බොහෝ ඇමරිකානු ප්‍රවීණයන් සහ මාධ්‍ය ආයතන පෙන්වා දී ඇත්තේ එරට වැඩි පිරිසක් දැනට නිවසේදී හෝ කිසිදු පරීක්‍ෂාවකට ලක්නොවන බැවින් රට පුරා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව මීටත් වඩා වැඩිවිය  හැකි බවයි.

ලොව එකම සුපිරි බලවතා වන ඇමරිකාව, කොරොනා වසංගතයට එරෙහි සටනේදී ලොව විශාලතම අසාර්ථක රට බවට පත්ව ඇත. ඇමරිකානු දේශපාලන ක්‍රමයේ සහ රට පාලනයේ අසාර්ථකත්වය පමණක් නොව, ජනතාවගේ ජීවිතවලට වඩා දේශපාලන ආත්මාර්ථකාමීත්වය ඉහළින් තබන ඇමරිකානු දේශපාලකයින්ගේ ස්වභාවය ද මෙයින් මනාව පිළිබිඹු වෙයි.

ඇමරිකාවේ මැදකාලීන මැතිවරණය ළං වන විට පක්ෂ දෙක අතර සටන තීව්‍රවෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ  කොරොනා රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යයි. කෝටි 9ක ආසාදිතයන් යනු මෙම "ඇමරිකානු ඛේදවාචකයේ" අවසානය නොවේ. එය මීට වඩා බොහෝ ඛේදනීය වනු ඇත.

ජීවිත අහිමිවීම් සහ සංඛ්‍යාත්මකව කිව නොහැකි පමණ බිඳවැටුණු පවුල් හමුවේ, ඔවුන් තම හිසට ඉහළින් තබාගෙන සිටි ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "මානව හිමිකම්" සලකුණු බිඳී ගොස් ඇත්තේ බොහෝ කලක සිට ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම