න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ තීරණය කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2022-07-22 17:28:41
Share with:

ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සම්මත කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ජගත් ප්‍රජාව හා‍ දේශීය ජනතාවගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි ජපානය මුල සිට ම අවධානය යොමු කර නොමැති බව ද Wang Wenbin මහතා මෙහිදී කියා සිටියේය. ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය ගැටළුව විසඳීම, ගෝලීය මුහුදු පරිසරයේ පැවැත්ම මෙන්ම ශාන්තිකර රටවල ජනතාවගේ සෞඛ්‍යය හා සම්බන්ධ වන අතර, එය දේශීය වශයෙන් ජපානයට පමණක් බලපාන්නක් නොවේ.

සිය ජාත්‍යන්තර යුතුකම ප්‍රායෝගිකව අනුගමනය කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී. එසේම,  විද්‍යාත්මක මෙන්ම සුරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ න්‍යෂ්ටික අපජලය ගැටළුව විසඳන ලෙසත්,  බලහත්කාරයෙන් අපජලය මුහුදට බැහැර කිරීම නතර කරන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම