මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපවල චීනයේ ජනප්‍රියත්වය ඉහළට
2022-07-21 20:01:40
Share with:

            ජාත්‍යන්තර ජනමත විචාරණ ආයතනයක් වන Arab barometer පසුගිය දා සමීක්ෂණ වාර්තා 2ක් නිකුත් කර තිබේ. බහුතර අරාබි රටවල ජනතාවට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඵලදායීතාව පිළිබඳ විශ්වාසය ගිලිහෙමින් පවතින බවත්, චීන ක්‍රමයේ ආකර්ෂණය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවත්, එම සමීක්ෂණ වාර්තාවලින් හෙළි වේ.

           Arab barometer ආයතනය සිදු කළ සමීක්ෂණ මොරොක්කෝව, ටියුනීසියාව, ඉරාකය, සුඩානය, ලිබියාව, ජෝර්දානය, ලෙබනනය, මොරිටේනියාව සහ පලස්තීනය යන රටවල් 9 ක් ආවරණය කර ඇත. එම රටවල පුද්ගලයෝ 23000ක් ඊට එක් වූහ. “මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ”සහ“මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපවල චීනය හා ඇමරිකාව අතර ඇති තරගය පිළිබඳ ජනමත” යන සමීක්ෂණ වාර්තා දෙක ඉන් අනතුරුව Arab barometer ආයතනය විසින් සිය නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

          එම වාර්තා අනුව, ඉකුත් දශකයේ, විශේෂයෙන් ගෙවී ගිය වසර 5 තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත කෙරේ මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපවල මෙන්ම අරාබි රටවල ජනතාව සැක පළ කර ඇත. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම, සමාජ ස්ථාවරත්වය රැකගැනීම හා පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නංවාලීම සඳහා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නොගැලපෙන බව ඔවුන්ගේ මතය වී තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් චීනය මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාප සමග ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ඇතැයි සමීක්ෂණ වාර්තා සඳහන් කරයි.

          මොරොක්කෝව හැර සමීක්ෂණයට එක් වූ අනිත් රටවල් අටේ පුද්ගලයන්ගෙන් තුනෙන් එකක පමණ පිරිස කියා සිටින්නේ, ඇමරිකාවෙන් සිය රටට එල්ල වන්නේ බරපතල තර්ජනයක් බවයි. එහෙත්, ඔවුන් චීනය ගැන එවන් අදහස් පළ කර නොමැත. චීනය කිසි විටෙක මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපවල කටයුතුවලට මැදිහත් වී නොමැති හෙයින්, නුදුරේදී එම කලාපවල චීනය ඇමරිකාවට වඩා ජනප්‍රිය වනු ඇති බවට එම සමීක්ෂණ වාර්තා අනාවැකි පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම