උපන් ගමට කෘතගුණ හා ආචාරය දක්වන අධිෂ්ඨානශීලී යුවතියක්
2022-07-21 15:40:37
Share with:

23 හැවිරිදි Yu Yanqia, නිරිතදිග චීනයේ කුඩා ගම්මානයක දී උපත ලැබුවා. ඇය කුඩා කාලයේ එහි ගමනාගමන පහසුකම් පහළ මට්ටමක පැවතුණු හෙයින් සෑම දිනක ම, දිවි පරදුවට තබා, කේබල් ආධාරයෙන් ගංගාව හරහා පාසලට යාමට සිදුවුණා.  සමාජ සුබසාධන සේවාවන් හි සහනාධාර යටතේ, 2008 වසරේ මාර්තු මාසයේ එහි පාලමක් ඉදි කරනු ලැබුවා. මෙය, ගම්වැසියන්ගේ එදිනෙදා ජීවිතයට මනා පහසුවක් වූ බව කිවයුතුමයි. මෙයින් Yu Yanqia දැඩි අවදානම් සහගත පාසල් ගමනටත් විසඳුමක් ලැබුණු අතර, ඇයට උද්‍යෝගිමත් ව අධ්‍යයන කටයුතුවල නිරත වීමටත් හැකිවුණා.

‘ අපට උදව් කළ අයට කෘතගුණ දැක්විය හැක්කේ අපගේ වෘත්තිමය නිපුණතාවන් ඔස්සේ සමාජයට සේවය කිරීමෙන් ’ Yu Yanqia පවසනවා. 2018 වසරේ උසස්පෙළ විභාගයෙන් පසු ඇය Kunming වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ තාක්ෂණ විෂය අධ්‍යයනය සඳහා තෝරාගත්තා. තමන්ගේ ගම්මානයෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට සමත්වූ ප්‍රථමයා ඇය වීමත් විශේෂත්වයක්. එතැන් සිට ඇගේ සිත තුළ ඇති වූයේ අධිෂ්ඨානශීලී තීරණයක්. ඒ උපරිම උත්සාහවන්ත ව අධ්‍යයන කටයුතුවල නිරත වී ඉදිරියේ දී උපන් ගම වෙනුවෙන් ඉහළ සේවාවක් ඉටුකිරීමයි.

ඇගේ ගමේ වෛද්‍ය පහසුකම් ඒ තරමට ම යහපත් තත්ත්වයක නොපැවැතුණු නිසා, පසුගිය ජූනි මාසයේ, වෛද්‍ය උපාධිය හිමි කරගත් Yu Yanqia තීරණය කළේ, උපන් ගමේ රෝහලකට එක්ව වෛද්‍ය සේවිකාවක ලෙස සේවය කිරීමටයි. එහි ජනතාවගේ සෞඛ්‍ය කටයුතු සඳහා තමන්ගේ දායකත්වය ලබා දීම ඇයගේ ඒකායන අභිලාෂයයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම