ලෝකයේ සීතල යුද්ධයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ඇමරිකාවේ අසාර්ථක විදේශ ප්‍රතිපත්තිය
2022-07-21 09:10:25
Share with:

ඇමරිකාව ලෝකය තුළ සුපිරි බලවතෙක් ලෙස පෙනී සිටිය ද තවදුරටත් එය එසේ නොවනු ඇත. ඇමරිකාව 1980 දශකයේ ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50ක් හිමි කර ගත්‍ත ද, අද වන විට එය සියයට 20 දක්වා අඩු වී ඇත. ඒ අනුව ඇමරිකාවේ ආර්ථික ශක්තිය වර්තමානයේ හීන වී ඇති බව ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු කැබිනට් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

මේ වන විට මිලිටරි බලයෙන් ද සිය ඒකාධිකාරය ඇමරිකාවට අහිමි වී ඇත. මූල්‍ය ශක්තිය දෙස අවධානය යොමු කිරිමේ දී ද පසුබෑමක් දක්නට ඇත. මාධ්‍ය ප්‍රචාරණය තුළ ද චීනයේ CGTN , අල්ජසීරා සහ ඉන්දියාවේ NDTV වැනි මාධ්‍ය නාලිකා හරහා ඇමරිකාවේ මාධ්‍ය එකාධිකාරී බලය හීන වී ඇත. මේ ආකාරයෙන් සෑම අංශයකින්ම ඇමරිකාවේ පසුබෑමක් දක්නට හැකි බව හෙතෙම අවධාරණය කළේය.

ජෝ බයිඩන් සිය පාලනය ආරම්භ කළ විගසම යුරෝපයේ සිය මිතුරන් ශක්තිමත් කිරීමට සහයෝගය ලබා දෙන ලදි. නේටෝ සංවිධානයේ සිටි සාමාජිකයන් ප්‍රමාණය ද 30 දක්වා ඉහළ නැංවීය. ඒ අනුව රුසියාවට යාබදව පිහිටි යුක්රේනය, ජෝර්ජියාව සහ බෙලරුසියාව යන රටවලට ඇමරිකානු බලපෑම් එල්ල විය. ජෝර්ජියාවේ කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩුව පෙරලා දැමීමට උත්සහ කළ ද එය අසාර්ථක විය. බෙලරුසියාව අස්ථාවර කිරීමට උත්සහ කළ ද එය ද අසාර්ථක විය. නමුත් යුක්‍රේනය තුළ සිය කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමට ඇමරිකාව සමත් විය. ඒ හරහා අද වන විය මානූෂීය අයිතිවාසිකම් බලපෑමට ලක් වී ඇත.

ඇමරිකාවට ලෝකයට බලපෑම් කළ හැකි විකල්ප තුනක් ඇත. ඒවා නම් ගැටුම්කාරිත්වය, තරගකාරිත්වය සහ සහයෝගිතාවයයි. ගෝලීයකරණය වන ලෝක ආර්ථිකය තුළ සහයෝගිතාවය හැර අන් විකල්පයක් නොමැති බව චීනය අවබෝධ කර ගනිමින් ඇමරිකාවට ද එම සහයෝගිතාවය තුළ කටයුතු කිරීමට අරාධනා කර සිටී. නමුත් එවැනි සහයෝගිතාවයකට ඇමරිකාව එකග වී නැත. එහෙයින් ගැටුම්කාරිත්වය තුළ කටයුතු කරමින් සීතල යුද්ධයකට මගපාදා ගනිමින් සිටී. ඒ සඳහා වර්ණ විප්ලවයන් නිර්මාණය කරමින් සිටී. යුක්‍රේනයේ සහ ටියුනිසීයාවේ ඇති කළේ එවැන්නකි. පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවේ ඇති වූ තත්ත්වයන්ට ද ඇමරිකානු මැදිහත්වීම බලපෑ බව ඩිව් ගුණසේකර මහතා පවසයි.

චීනයේ නැගී සිටීම නිසා ආසියාව කෙරෙහි වැඩි අවධානයක් ඇමරිකාව වර්තමානයේ යොමු කොට ඇත. මෙහි දී ඉන්දු පැසිෆික් කලාපයට ප්‍රමුඛත්වය ලබා දෙමින් මේ වන විටත් මිලිටරි සංවිධාන දෙකක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ හරහා රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් සිටී. එපමණක් නොව ගෙවුණු වසර 20ක කාලය තුළ ඉරාකය, ඇෆ්ගනිස්තානය, සිරියාව සහ ලෙබනනය යන රටවල ගැටුම් නිර්මාණය කරමින් එම රටවල් දරුණු විනාශයකට ඇද දැමීමට ඇමරිකාව කටයුතු කළ බව නොරහසකි. නමුත් එලෙස රටවල්වල අභ්‍යන්තර කටයුතු කෙරෙහි බලපෑම් කළ ද අද වන විට ඇමරිකාවට සිය කූට උපායන් ජය ගැනීමට ඉඩක් නොලැබී ඇති බව ඩිව් ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම