රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට
2022-07-20 15:12:44
Share with:

ශ්‍රී ලංකාවේ පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන්,  පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරයි.  ඒ ඡන්ද 134 ක් ලබාගනිමිනි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ඡන්දයට ඉදිරිපත් වූහ.

ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82ක් ලබාගත් අතර, අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 3ක් හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 223 දෙනෙක් අද (20) පැවති  ඡන්දයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළහ. වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වූ අතර, අවලංගු වූ ඡන්ද ගණන 4කි. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට එක්නොවූහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම