ජූලි 25 සිට පාසල් පැවැත්වීම සතියේ දින තුනක් පමණයි
2022-07-20 17:30:54
Share with:

ජූලි 25 වැනිදා සිට සතියේ දින තුනක් පමණක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. අමාත්‍යාංශය නිකුත්කළ චක්‍රලේඛයක මේ බව දැක්වේ. ඒ අනුව, අනෙක් දින දෙකේදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙනු ඇත.

පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත්වෙන අතර, බදාදා සහ සිකුරාදා දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන බව චක්‍රලේඛයේ සඳහන් වේ.

මේ අතර, 2022 වසරේ පළමු වාරය අගෝස්තු 7  දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කර ඇත.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම