Genasi ගේ සුන්දර කෝපි කඩේ
2022-07-20 14:08:14
Share with:

24 හැවිරිදි Genasi නම් තරුණිය චීනයේ ලාහු ජාතිකයෙක්. පසුගිය වසරේ උපාධිය ලැබීමෙන් පසු,නගරයේ රැකියා නියුක්ති අවස්ථාව අතහැර දමා ඇය සිය උපන් ගම වන යුන්නන් පළාතේ Pu‘er නගරයේ පිහිටි Banli නම් කුඩා ගම්මානයට ආපසු පැමිණියා. නිරිතදිග චීනයේ දේශසීමා මායිම් ප්‍රදේශයේ පිහිටි ඇගේ උපන් ගම ලාහු ජාතිකයන් වෙසෙන ගම්මානයක්.ඇය එම ගම්මානයේ කලාත්මක ස්වරූපයේ කෝපිහලක් විවෘත කිරීම අපූරු සිද්ධියක් බවට පත්වුණා.

ලාහු ජාතිකයන්ගේ සංස්කෘතික වටිනාකම් ඉතා ගැඹුරින් උරුම වූ ඇගේ උපන් ගම  දුරබැහැර දේශසීමා මායිම් ප්‍රදේශයේ පිහිටි නිසාම, එහි සමස්ත ජනගහණයෙන් සියයට 42ක් දිළිඳුකමින් පීඩාවට පත්ව සිටියා.එහෙත් 2019 වසරේ සිට,නැගෙනහිර චීනයේ ෂැංහයි නගරයේ සහ යුනාන් පළාතේ සහය ඇතිව, එම ගම්මානය පොහොසත් ජනවාර්ගික සංස්කෘතික සම්පත් මුල්කර ගනිමින් කාර්මික සංවර්ධනය සහ සංස්කෘතික සංචාරක කර්මාන්තය ඒකාබද්ධව ගොඩනගන අලංකාර ප්‍රදේශයක් බවට පත්කෙරුණා.

සංචාරකයන් වැඩි වැඩියෙන් ඇගේ උපන් ගමට පැමිණීමත් සමඟ, 2021 වසරේ Genasi "Zuo Zuo" නමින් කෝපිහලක් විවෘත කළා. මේ නිසා නාගරික ප්‍රදේශවලදී පමණක් රසවිඳිය හැකි කෝපි මේ කුඩා ලාහු ගම්මානයේදීත් පානය කළ හැකිවුණා. එහි  සේවය කරන පස්දෙනෙකුම ගම්වැසියන් වීමත් සුවිශේෂයි. ගැමි තරුණ තරුණියන් ගම තුළ රැකියා නියුක්තිය හා ව්‍යාපාර ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව Genasi පවසනවා.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම