අධික උණුසුම පිළිබඳව ලෝක දේශගුණික සංවිධානයෙන් අනතුරු ඇඟවීම්
2022-07-20 10:29:00
Share with:

ඉදිරි දශකවල දී  අධික උෂ්ණත්ව සහිත කාලගුණය නිතරම පැවතිය  හැකි බවට ලෝක දේශගුණ සංවිධානය අනතුරු අඟවයි.

මේ වනවිට යුරෝපයේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ලැව්ගිනි රැසක් හටගත් බව, එම සංවිධානය ඊයේ(19) ජිනීවා හිදී පැවසීය. එමෙන්ම ඉතාලියේ හා පෘතුගීසියේ පෙර නොවූ ආකාරයේ නියං තත්ත්ව ඇති වූ බවත්, බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් 40කට වඩා ඉහළ ගිය බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය. ඉදිරියේදී එවැනි තත්ත්ව නිතරම සිදු වනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ.එය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පෘථිවිය උණුසුම් වීම නිසා හටගන්නා දේශගුණික විපර්යාසයක් බව ද  එහිදී පැහැදිලි කෙරිණ.

ලෝක දේශගුණික සංවිධානයේ මහලේකම් Petteri Taalas මහතා පැවසුවේ, අධික උෂ්ණත්වයෙන් කෘෂිකර්මයට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි. දේශගුණ විපර්යාසයෙන් එල්ලවන මෙම සෘණාත්මක ප්‍රවණතා අවම වශයෙන් 21 වැනි සියවසේ හයවැනි දශකය දක්වා අඛණ්ඩව පවතිනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම