ඉරානය, රුසියාව සහ තුර්කිය සිරියාව සම්බන්ධයෙන් තුන්කොන් සාකච්ඡාවක
2022-07-20 10:25:23
Share with:

ඉරානය, රුසියාව සහ තුර්කිය යන රටවල නායකයෝ සිරියාව සම්බන්ධයෙන් තුන්කොන් සාකච්ඡා පවත්වති.

ඊයේ (19) සවස, ඉරාන ජනාධිපති අහමට් ලෙහී, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් යන මහත්වරු ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී සාකච්ඡා පවත්වා, මේ සම්බන්ධයෙන් මීට පෙර එළඹුණු එකඟතා සහිත අස්තානා ක්‍රියාවලියේ රාමුව තුළ සිරියානු ප්‍රශ්නය විසඳීම පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

සිරියාවට දිගටම සහාය දෙන ඉරානය, ඇමරිකානු හමුදා රටෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින  බව රැස්වීමෙන් පසු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අහමට් ලෙහී ජනාධිපතිවරයා පැවසීය.

සිරියානුවන්ට තම රටේ ඉරණම තීරණය කර, පාලනය තමන් අතට ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 තුර්කිය "ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහි සිය සටන දිගටම කරගෙන යන අතර, රුසියාව සහ ඉරානය මෙම අරගලයේදී තුර්කි පාර්ශ්වයේ සිටගනු ඇතැයි තමා බලාපොරොත්තු වන" බව තුර්කි ජනාධිපති එර්ඩෝගන් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම