මානව හිමිකම් අවියක් ලෙස යොදාගනිමින් ෂින්ජියං ප්‍රදේශය අපකීර්තියට ලක්කිරීමේ අසාර්ථක ඇමරිකානු ප්‍රයත්න
2022-07-20 10:56:11
Share with:

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෑතකදී,  ඊනියා ‘Elie Wiesel ජන සංහාරය හා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නීතිය’ පිළිබඳ  2022 වාර්තාව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළේය. අනතුරුව එරට ඉතිහාසයේ ප්‍රථම ‘ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා ඊට මුහුණදීම පිළිබඳ උපායමාර්ගය’ එළිදැක්වුණු අතර ‘ජන සංහාරය’, ‘බලහත්කාර ශ්‍රම භාවිතය’ යන චෝදනා, චීනයේ ෂින්ජියං ප්‍රදේශයට එල්ල කිරීමට උත්සාහ කර තිබේ.

දිවංගත යුදෙව් ලේඛක Elie Wiesel මහතා දෙවන ලෝක සංග්‍රාමයේදී නාසිවරුන් සිදුකළ ජන සංහාරවලින් දිවි ගලවාගත් අයෙකි. ඇමරිකාව ඔහුගේ නාමයෙන් අදාළ නීතිය නම් කර ඇත්තේ, අසත්‍යයම පතුරුවමින් සිය සැබෑ අරමුණ ආවරණය කිරීමේ උපායක් වශයෙන් පමණකි. එය සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීමේ තවත් ප්‍රයත්නයකි.

 ඊනියා ‘Elie Wiesel ජන සංහාරය හා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නීතිය’ පිළිබඳ  2022 වාර්තාව, ජූනි මස 21 වැනිදා, ඇමරිකාවේ බලාත්මක වූ ‘උයිගුර් ජාතිකයින්ගේ බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ නීතියට’ අනුගත තවත් පියවරකි. මානව හිමිකම් අවියක් ලෙස යොදාගනිමින්, ෂින්ජියං ප්‍රදේශය ගෝලීය කර්මාන්ත දාමයෙන් ඉවත්කර, කෘත්‍රිම අස්ථිර සාධක නිර්මාණය කොට චීනයේ සංවර්ධනය මැඩපැවැත්වීම එහි සැබෑ අරමුණය. 

නිදසුනක් ලෙස ගතහොත්, ‘උයිගුර් ජාතිකයින්ගේ බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ නීතිය’ට අනුව, කපු, තක්කාලි හා Polysilicon නිෂ්පාදිතවලට අදාළ ෂින්ජියංහි ප්‍රධාන කර්මාන්ත, සම්බාධක පැණවීමේ ප්‍රමුඛ ලැයිස්තුවට ඇතුලත් කර තිබේ. එය සැබවින්ම බලහත්කාරයෙන් ෂින්ජියංහි ජනතාව විරැකියාවට තල්ලුකිරීම හා එම ප්‍රදේශය බලහත්කාරයෙන් ගෝලීය කර්මාන්ත දාමයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයකි. ඇමරිකාව චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ මෙසේ ද?

සැබවින්ම ඇමරිකාව කුමන වාර්තාවක් ඉදිරිපත් කළද, කුමන උපායක් යොදා ගත්තද, කුමන නීතියක් එළිදැක්වුවද, චීනයේ ෂින්ජියං ප්‍රදේශය අපකීර්තියට ලක් කළ නොහැකි වනු ඇත. ජගත් ප්‍රජාව මනාව විවර වූ දෙනෙතින් දකිනු ඇත්තේ, ‘ජන සංහාරය’ හා ‘බලහත්කාර ශ්‍රමය’ යන දේට කිසිදු සම්බන්ධයක් නොමැති, සුරක්ෂිත, පොහොසත්, විවෘත මාර්ගයක  ඉදිරියට ගමන් කරමින් සිටින ෂින්ජියං ප්‍රදේශයක් පමණකි! 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම