ගෝලීය මූල්‍ය කැලඹිලිවලින් ලෝකය ආරක්ෂා කරන චීන වෙළඳපොළවල් සතු ශක්‍යතා
2022-07-20 19:43:59
Share with:

 

              ගෝලීය ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසුවනවා. මීට මාස කිහිපයකට පෙර ඇතැම් රටවල් පවසා ඇත්තේ, චීනය ලෝක ආර්ථිකයට විශාල තර්ජනයක් එල්ල කරන බවයි. එහෙත් මෑතකදී ස්පාඤ්ඤයේ El Economista වෙබ් අඩවිය ලිපියක් පළකරමින් මේ බව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ලිපියට අනුව, චීනය හා චීනය සතුව ඇති වෙළඳපොළවල්,  ලෝකය ගෝලීය මූල්‍ය කැලඹිලිවලින් ආරක්ෂා කරන ස්ථානයක් මෙන් ම, ගෝලීය ආර්ථිකය සඳහා වන විශාල බලාපොරොත්තුවක් ද වෙනවා.

             ගෙවී ගිය මාස කිහිප‍යේ අලුතින් පැනනැගුණු කොවිඩ් තත්ත්වය හේතුවෙන් චීනයට සෑහෙන ආර්ථික අලාභයක් සිදුවුණා. එහෙත් කොවිඩ් පාලනය දැඩි කිරීමත් සමග චීනයේ වසංගත තත්ත්වය කෙමෙන් සමනය වී තිබෙනවා. මූල්‍ය උත්තේජන ප්‍රතිපත්ති අනුගමනය කරමින්, චීනය ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට කටයුතු කරමිනුයි සිටින්නේ. එම ලිපිය සඳහන් කළ පරිදි , චීනය ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා විශාල බලාපොරොත්තුවක් ගෙන දී තිබෙන බව මෑතකදී ආර්ථික හා මූල්‍ය සංඛ්‍යාලේඛනවලින් හෙළි වුණා. ඒ අතරින් පසුගිය ජුනි මාසයේ චීනයේ සේවා කර්මාන්තයට අදාළ සංඛ්‍යාලේඛන කැපී පෙනෙනවා. එම මාසයේ චීන‍යේ සේවා කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් වර්ධනය වී තිබෙන බවත් , එය අපේක්ෂිත මට්ටම ඉක්මවා යමින්, ගෙවී ගිය වසරේ වාර්තා වූ ඉහළ ම මට්ටම බවට පත් ව ඇති බවත් , ස්පාඤ්ඤයේ El Economista වෙබ් අඩවිය පළ කළ එම ලිපියේ සඳහන්.

            බටහිර රටවල ආර්ථිකයට චීනයට වැදගත් බලපෑමක් එල්ල කළ හැක්කේ අංග සම්පූර්ණ නිෂ්පාදන හා පරිභෝජන මධ්‍යස්ථානයක් හැටියටයි. ඉහළ යන උද්ධමනය හේතුවෙන් බටහිර රටවල පාරිභෝගිකයන්ගේ පරිභෝජන උද්‍යෝගය හීනවෙමින් පවතිනවා. එහෙත් උද්‍යෝගවත් පාරිභෝගිකයන් ලෝකයට හඳුන්වා දීමේ හැකියාව චීනයට නම් තවමත් පවතින බව එම ලිපිය සඳහන් කර තිබීම සුවිශේෂයි.   

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම