චීන-ජපාන සබඳතාවයේ සංකේතයක් ලෙස Jian Zhen භික්ෂු ප්‍රතිමාව Tokyo හි දී විවෘත කෙරේ
2022-07-20 16:48:14
Share with:

Jian Zhen භික්ෂු ප්‍රතිමාව ජපානයේ Tokyo අගනුවරදී විවෘත කෙරේ.

චීන කලාගාරයේ අධ්‍යක්ෂ, ලෝක ප්‍රකට කැටයම් ශිල්පී Wu Weishan මහතා විසින් නිර්මාණය කරන ලද Jian Zhen ලෝකඩ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවය අද(20) Tokyo හි Ueno උද්‍යානයේ පැවැත්විණ.

ජපානයේ චීන තානාපති Kong Xuanyou මහතා, Tokyo නගර විධායක Yuriko Koike මහත්මිය, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ දේශපාලන අංශ නිලධාරි Miyake Shingo මහතා ඇතුළු චීන හා ජපාන පාර්ශ්ව නියෝජනය කරන සම්භාවනීය පිරිසක් ඊට සහභාගි වූහ.

චීන තානාපති Kong Xuanyou මහතා එහිදී පැවසුවේ, චීන- ජපාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් Jian Zhen ලෝකඩ ප්‍රතිමාව Ueno උද්‍යානයේ ස්ථාපනය කිරීම ප්‍රබල සංකේතයක් වනු ඇති බවයි. චීන- ජපන් සංස්කෘතික හා ආර්ථික හුවමාරු, අන්‍යෝන්‍ය අව‍බෝධය තවදුරටත් තර වී, දෙරට සබඳතා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි  Miyake Shingo මහතා අපේක්ෂා පළ කළේය.

වසර 1200කට පෙර, චීනයේ Tang රාජවංශ සමයේ විසූ Jian Zhen භික්ෂූන් වහන්සේ  ජපානයට පැමිණ, බෞද්ධ දර්ශනය හා Tang යුගයේ සංස්කෘතිය එරටට හඳුන්වා දී ඇත.  ඉන් ජපානයේ වෛද්‍ය විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, කලාව ඇතුළු ක්ෂේත්‍ර‍යන් හි සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් සැපයුණු අතර, චීන සහ ජපාන ජනතාව අතර මිත්‍රත්වය ද ප්‍රවර්ධනයට ද එය බලපා තිබේ. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම