ඇමරිකාව හා බ්‍රිතාන්‍යය අතින් සිදුවූ අපරාධ යුක්ති සහගත නඩු විභාගයකට ලක් කළ යුතු ය
2022-07-19 10:15:59
Share with:

බ්‍රිතාන්‍ය හමුදා වාර්තා, විද්‍යුත් ලිපි, වෙඩි උණ්ඩ සිදුරු ඡායාරූප ආදී සාක්ෂි පිළිබඳව බී.බී.සී. ආයතනය විසින් කෙරුණු සමීක්ෂණයකට අනුව, ඇෆ්ගනිස්ථානයේ බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවයේ සාමාජිකයන් බොහෝ අවස්ථාවලදී යුද සිරකරුවන් හා නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කර තිබේ. එමෙන් ම, යුද හමුදාව විසින් ජනතාව ඝාතනය කෙරුණු ස්ථාන සැඟවීම, නිලධාරීන් ඒ සම්බන්ධ තොරතුරු සිතා මතා වාර්තා නොකිරීම ඇතුළු ක්‍රියාකාරකම් එම සමීක්ෂණයෙන් අනාවරණය කෙරිණ. සිය අපරාධ හෙළිවීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ජාතිකාරක්ෂක අමාත්‍යංශය උපරිමයෙන් සත්‍ය ආවරණය කිරීමට තැත් කිරීම මිස, සමාව ඉල්ලීම හෝ ඒ පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් පරීක්ෂා කිරීම හෝ සිදු කර නොමැත.

සැබැවින්ම, සිය අභිමතය පරිදි සාමාන්‍ය ජනතාව ඝාතනය කළේ බ්‍රිතාන්‍ය හමුදාව පමණක් නොවේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේ, ඔස්ට්‍රේලියාවේ ජාතිකාරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කෙරුණු සමීක්ෂණ වාර්තාවක, එරට හමුදා භටයන් ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය ජනතාව සාමූහිකව ඝාතනය කිරීම සහ මානුෂීය-විරෝධී ක්‍රියා පිළිබඳව සවිස්තරාත්මකව සඳහන් වෙයි. ඇෆ්ගනිස්ථානය අත්පත් කරගත් ඇමරිකාව වසර 20ක් තුළ, ඇෆ්ගනිස්ථාන පුරවැසියන් එක්ලක්ෂ හැත්තෑහතර දහසකගේ ජීවිත පැහැර ගත්තේ ය. තිස්දහසක සාමාන්‍ය ජනතාව ඊට ඇතුළත් ය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව ‘ ජිනීවා සම්මුතියට ’ අත්සන් තැබූ රටවල් ය. එහෙත්, එම රටවල් වරින්වර ජාත්‍යන්තර නීතිය මෙන්ම මානුෂීය සදාචාරය කඩා බිඳදමනු දැකිය හැකිය. මෙවැනි ක්‍රියා සමස්ත මානවයාට එරෙහිව සිදුකරන අපරාධ වේ. එය යුක්ති සහගත නඩු විභාගයට ලක් කළ යුතු ය. එම රටවල් අදාළ වගකීම් භාර ගත යුතු බවට ජගත් ප්‍රජාව අනිවාර්යයෙන් ම ඉල්ලා සිටිය යුතු ය. කිසිදු වරදක් නොකොට ජීවිතය අහිමි වූ සාමාන්‍ය ජනතාවට සාධාරණත්වයක් හිමි විය යුතුමය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම