ජනාධිපති ඡන්ද විමසීමට නාම යෝජනා 03ක්
2022-07-19 17:40:15
Share with:

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අපේක්‍ෂකයින් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් වෙයි.

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00ට රැස් වූයේ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාර ගැනීම සඳහායි‍.ඒ අනුව රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා කරනු ලැබීය.

1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව,  නාම යෝජනා බාර ගැනීම සිදුකෙරිණ.  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා, තේරීම් බාර නිලධාරියා ලෙස ක්‍රියා කරයි.

මේ අතර, ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාර නොදී සිටීමට තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටී. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ, සමගි ජනබලවේගය පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ලබාදීමට තීරණය කර ඇති බවයි.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින (20) පැවැත්වීමට නියමිතයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම