ගෝලීය සංවර්ධන යෝජනාවෙන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රශස්ත සහායක්
2022-07-18 14:32:38
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද “ගෝලීය සංවර්ධන යෝජනාව”, චීනයෙන් ලෝකයට ඉදිරිපත් කෙරුණු මහජන සංවර්ධන නිෂ්පාදිතයක් බව කාම්බෝජයේ උප අගමැති, විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබඳ අමාත්‍ය Prak Sokhonn මහතා පසුගිය දා චීන මාධ්‍ය සමූහයේ ලිඛිත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා. එය ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහාත්, එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවාලීම වේගවත් කිරීම සඳහාත් උපකාරී වන බව හෙතෙම සඳහන් කළා.

76 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ "ගෝලීය සංවර්ධන යෝජනාව" කෙරෙහි ඉහළින් අගය කරන බව Prak Sokhonn මහතා අවධාරණය කර තිබෙනවා. සෑම රටක්ම සංවර්ධනය වීමටත්, වැඩිදියුණු වීමටත් අවශ්‍ය බැවින් වැදගත් වන්නේ තරඟකාරීත්වය සහ භේදවීම නොව සහයෝගීතාවය බව ද ඔහු අවධාරණය කළා. කාම්බෝජය "ගෝලීය සංවර්ධන යෝජනාව" සඳහා සහය දක්වන අතර, එය දැනට පවතින සහයෝගීතා රාමුව වෙනුවෙන්, විශේෂයෙන්ම "එක් තීරයක් එක් මාවතක්" යෝජනාව සහ කාම්බෝජ-චීන පොදු ඉරණම සහිත ප්‍රජාව වෙනුවෙනුත් ජීව ශක්තියක් සපයනු ඇතැයි ද තරයේ විශ්වාස කෙරෙනවා.

කාම්බෝජ-චීන සබඳතා ගැන පැවසීමේදී, හෙතෙම පෙන්වා දුන්නේ, කාම්බෝජයේ විශාලතම වෙළඳ හවුල්කරුවා මෙන්ම විශාලතම ආයෝජකයා සහ විශාලතම සංවර්ධන සහන සපයන රට චීනය බවයි. නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේදීත් චීනය කාම්බෝජයට වැදගත් සහායක් ලබා දී තිබෙනවා. "එක් තීරයක් එක් මාවතක්" යෝජනාව ඒකාබද්ධව ඉදිකිරීම සම්බන්ධයෙන් කාම්බෝජය සහ චීනය විවිධ ක්ෂේත්‍රවල සක්‍රිය සහයෝගීතාවන් පුළුල් කර ඇතැයි ද Prak Sokhonn මහතා ප්‍රකාශ කළා. මෙම සහයෝගීතාව කාම්බෝජයේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ඉවහල් වනු ඇතැයි ද විශ්වාස කෙරෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම