ඇමරිකානු ජනපතිගේ ඵල රහිත මැද පෙරදිග සංචාරය
2022-07-18 17:03:16
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා මැද පෙරදිග රටවල සංචාරය අවසන් කර ඊයේ(17) වොෂිංටනය වෙත යළි පැමිණියේය. මේ සංචාරයට පෙර Joe Biden ප්‍රකාශ කර ඇත්තේ, එයින් ඇමරිකාව හා මැද පෙරදිග රටවල් අතර සබඳතාවේ නව පරි‍ච්ඡේදය ආරම්භ වනු ඇති බවයි. එහෙත් හෙතෙම කිසිදු ප්‍රතිඵලයක් රහිතව යළි ඇමරිකාවට පැමිණ සිටී. New Yorker සඟරාව විග්‍රහ කර ඇත්තේ, එම සංචාරයෙන් Joe Biden මහතාගේ මැද පෙරදිග ප්‍රතිපත්තියේ සම්පූර්ණ අසාර්ථකත්වය පෙන්නුම් කෙරෙන බවයි.

සෞදි අරාබිය ඛනිජ තෙල් හා ගෑස් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පොළඹවා ගැනීම එම සංචාරයේ ප්‍රධාන අවධානයට ලක්ව ඇත. එහෙත් තෙල් නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි කිරීම පිළිබඳ සෞදි අරාබිය පැහැදිලිව පොරොන්දු දී නොමැත. එමෙන්ම ඇමරිකාව හා මැද පෙරදිග රටවල් අතර මිත්‍ර පාක්ෂික භාවය තහවුරු කිරීමේ ඉලක්කය ද සාක්ෂාත් කර නොමැත.

චීනයේ හා රුසියාවේ බලපෑම මැදපෙරදිග ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ ඇමරිකානු වෑයම පදනම් රහිත වී ඇතුවාක් මෙන්ම සිහිනයක් බවට ද පත්ව ඇත. චීනය, සෞදි අරාබියේ වැදගත් වෙළඳ හවුල්කාරී රටක්, බලශක්ති වෙළඳපොළ මෙන්ම ආයෝජන පාර්ශ්වය බව ද සෞදි අරාබිය පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

ලෝක ව්‍යුහයේ දැවැන්ත වෙනස්කම් සිදුව ඇති අතර, ඇමරිකාවේ බලය දුර්වල වෙමින් පවතී. මැදපෙරදිග ප්‍රදේශයේ Joe Biden මහතාගේ අසාර්ථකත්වය ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රථම බිඳවැටීම නොවන අතර, එය අවසාන බිඳවැටීම ද නොවේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම